Chapter 15

59 21 5
                                    

"ම්..ආහ්...මගෙ ඔලුව..."

"ඔයාට තාම හොද මදි.."

මන් ඔලුව අල්ලන් ඇදේ ඉදගන්න යද්දි මගෙ ලගින් වාඩි උන ලස්සන කොල්ලෙක් කිව්වා..

"ඔයා කවුද..."

"මාත් ඔයා වගේ මෙහෙ නවාතැන් ගන්න ආපු කෙනෙක්.."

"මන් මේ කොහෙද ඉන්නේ.."

ඒ කොල්ලා වශීවෙන හිනාවක් එක්ක කියද්දි ඉන්න තැන හරියටම දැනගන්න ඕනි නිසා මන් ඇහුවා.

"ඔයා ඉන්නේ ගිම්හාන කදවුරේ..."

ඒ නම ඇහෙනවත් එක්ක මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා මගේ සිතිවිලි ඒ මේ අතට ගලන් ගියා..

"කලබල වෙන්න එපා ඔයා මෙහෙදි ආරක්ෂිතයි.."

"කෝ මගේ ඔම්මා...එතකොට ජිමිනි..."

මන් මට අහන්න තීන ලොකුම ප්‍රශ්න දෙක එයාගෙන් ඇහුවා..

"මට කනගාටුයි ඔයාගේ ඔම්මට උන දේ ගැන..එතකොට ජිමින් නම් කයිරෝන් එක්ක කතාවක.."

"ඔහ්...මන් කොහොමද මෙහෙට ආවේ.. මට මතක විදිහට ගොවිපලේ ගෙදරට එන්න කලින් මට සිහි නැතුව ගියා.."

"ඔව්..ඔයාට සිහිනැති උනත් ඔයාගේ රැකවලාට සිහිය තිබුනනේ.ඉතින් එයා ඔයාව එක්ක ඇවිත් කයිරොන්ට කතාකලා.."

"කයිරොන් කියන්නේ-"

"ප්‍රශ්න කලඇති..ඔයා දැනගන්න ඕනී දේවල් ඉක්මනින් කයිරොන්ම ඔයාට කියාවී එතකල් ඔයා මේක කන්න.."

දීසියක දාපු පුඩින් වගේ දෙයක් හැන්දකින් අරන් මගේ කටට ලන්කරලා එයා කිව්වා.

එයා කියපු දේ අහපු මන් සද්ද නැතුව පුඩින් කෑලි දෙක තුනක් කෑවා..

ඒවා කාලා මිනිත්තු කීපයකින් මන් තද නින්දකට වැටුනා.

මන් ආයේ ඇහැරෙද්දි ඇද ලග තිබුන පුටුවක ජිමින් වාඩිවෙලා හිටියා.

"ජිමිනී..."

මන් ඇදේ වාඩිවෙන්න හදනගමන් ජිමින්ට කතාකරා..

"ඔයාට ස්තූතියි ටේටේ."

"මොකටද"

"ඔයා මගේ ජීවිතෙයි රස්සාවයි දෙකම බේරුවා..ඒකට ගොඩක් ස්තූතියි.."

A sub - godOnde as histórias ganham vida. Descobre agora