Chapter 1 ⛓️

8.9K 544 341
                                    

බීප්........බීප්..........

06.28

තාම හයහාමාරයී.......මල කරුමේ........මහා පාන්දර තුන.......තුනාහාමාරට නිදාගත්තම ආයේම හය....හයහමාර වෙනකොට ඇහැරෙනව.ඊට පස්සේ ඉතින් ඇස් පිහාටූ වල කෙවෙන ගතියයී ........ඔලුව රිදෙන එකයී......ඔක්කොම එකට ගත්තම ෆුල් මාන්දම් ගතියක් එන්නේ......

ඩයලොග් එකෙන් ආව මැසේජ් එකට ෆෝන් එකේ ලයිට් එක ඔන් වෙලා නෝටිෆිකේශන් පෙන්නනකොට මට විකාරෙට ආවා........

මගේ ෆෝන් ලඩේට එන්නේ ඔය අනාගතේ අදයී එකෙන් තමයී......ඉතින්.....වෙන කවුරූ එවන්නද එක අතකින්.......අනාගතය අදයී නෙවේ........ඔය ලබ්බ ඇදයී......වෙලාවට ඩේටා සිග්නල් හොයන්න වඩිග පඩුන නටලා මදිපාඩුවට කොහොඹා කංකාරියත් අඹරවලා ගන්නත්  ඕනේ........

ශිට්........තා පැයක් නිදාගන්න තිබ්බා නම් මැරෙනවද.......ඇගෙන් ඇටයක් යනවද.......

නෑනේ........නෑනේ..........

මිනිහෙක් මැරෙනකම්ම ඉගෙනගන්නවා කියනවලූනේ.........ඒත් දෙයියනේ ඒක වෙනයී........පොත් වල තියෙන ඒවා කටපාඩම් කරලා විභාග ලියන එක වෙනයී.කට පාඩම් කරලා.....නෑ නෑ.......හරීයට තේරුම් අරගෙන.....

කටපාඩම් කරොත් කෙරිලාම තියෙයී හැබැයී.........

මාත් රෑ තිස්සේ කරේ පාඩම් කරපූ එක.....ඔක්කොමත් හරී....විභාග හොයා ගත්තූ එකා මට අහුවුනොත්.....වැඩී දෙයක් කරන්නේ නෑ.......මම ඕකගේ ජොකාගේ සිද්ධාලේප තලියක් අතුල්ල බඩ යන්න බෙහෙත් වේලක් දෙනවා......එච්චරමයී..ආයේ සත්තමයී.....

වෙලාවකට ඉගෙන ගන්න එකත් මහාම මහා වාතයක්........ඉස්සෙල්ලම ශිෂ්‍යත්වේ........ඒක අම්මලගේ විභාගේ.......පස්සේ ඕලෙවල්......ඔය මගුල ටීචර්ලගේ විභාගේ......ඊට පස්සේ ඒලෙවෙල්.........ලංකාවේ නෙවෙයී.....ලෝකේම අමාරූ විභාගේ......පස්සේ කැම්පස්......ඊට පස්සේ උපාධිය....උපාධියට  පස්සේ ජොබ් එක.....

ඔය ටික ඉවරවෙන කොට භාගෙට නාකී වෙලා.....විනාඩී 45 පීරීයඩ් අටක් ඉස්කෝලේ වාඩිවෙලා ඉන්නව කියන්නේම.......අනික එක දිගට එක දේකට මනස යොදවන්න පුලුවන් විනාඩී තිහයී........ඔක්කොටොම හපන් ලමයීන්ට...උන්ට ඕනේම දගලන්න.....ඒත් දැන් දරුවොන්ට දගලන්න වෙලවක් නෑ........ඉස්කෝලේ........ටියුශන්.......ටියුශන් .......ඉස්කෝලේ.......දහම් පාසලක් දැකලවත් නෑ.......ඉතින් රොබෝලා වගේ හැගීම් දැනීම් නැති අම්මා අප්පා සහෝදරී සහෝදරයා  අදුනන්නේ නැතී සෙට් එකක් එළියට එනවා.......

AM I BLIND? ⛓️[Completed]Donde viven las historias. Descúbrelo ahora