• Tale 01 •

746 145 43
                                    

ඔයා මට කියන්නේ බෙඩ් රූම් එක බ්ලැක් කලර් එකෙන් ඩිසයින් කරවලා දෙන්න කියලද..

සිල්වර් පාට කොණ්ඩයක් තිබුණ පුංචි කොල්ලා පාක් ජිමින් එයාගේ අත් දෙක පපුව උඩින් බැඳගත්තේ එයා ඉස්සරහ හිටිය යෝධ කොල්ලට රවන ගමන්..
එයා ආස නෑ කවුරුත් එයාගේ වැඩ වලට ඕනවට වඩා අත දානවට..අනික බෙඩ් රූම් එකක් බ්ලැක් කලර් එකෙන්..

ඔලුව කැක්කුම හැදෙන වැඩ මේවා...

මං කියන විදිහට කරන්න බැරි නම් අපි මේක අතෑරලා දාමු මිස්ටර් පාක්..

පාක් ජිමින්ගේ හිතුවක්කාර ක්ලයන්ට් ජියෝන් ජන්කුක් කිසිම ගාණක් නැතුව එයාගේ මූණටම කියලා දැම්මා..එයා දන්නවා එයා ඉස්සරහ හිටගෙන ඉන්න මේ පුංච් බටු ඇටේට එයාගෙ ඔෆර් එක කොච්චරක් නම් වටිනවද කියලා..
අඩුම, එහෙම තමයි ජින් හෙයොන් කිව්වේ..

ඕහ්..අම් සොරි...අයි මීන්..ආහ් මං කිව්වේ මේ නෝමලි බ්ලැක් කලර් එකක් බෙඩ්රූම් එකට කවුරුත් යූස් කරන්නෑනේ..ඒත් ඔයා කැමති ඒ විදිහට නම් ඒක ප්‍රශ්නයක් නෑ මිස්ටර් ජියෝන්..

ජන්කුක් ගේ වචනත් එක්ක කලබල උන ජිමින් එයාගේ වචන පටලන ගමන් කතා කරනවා දැක්කම ජන්කුක් ට හිනා යන්නත් ආවා..

ඕකේ මිස්ටර් පාක්..එහෙනම් මට සති දෙකකින් මේ අපාට්මන්ට් එක මට ඕන විදිහට ඩිසයින් කරවලා දෙන්න..ඔයාට ඇඩ්වාන්ස් එකක් මේ වෙද්දි ඔයාගේ බෑන්ක් අකවුන්ට් එකට ඩෙබිට් වෙලා ඇති..

එහෙම කියපු ජන්කුක් ආයෙම පහල තට්ටුවට එන්න හැරුණේ එයාලගේ කතාව නතර කරන්න වෙලාව ඇවිත් කියන්න වගේ..
ජන්කුක් ට යන්න ඇරපු ජිමින් එතනම බිමින් ඉඳගෙන මහා හුස්මක් පහලට දැම්මේ දැම්මම එයාට මහන්සි දැනිලා වගේ..

මොට්ට හා තඩියා..කන් දෙකකුයි නැට්ටකුයි විතරයි අඩු..මොලයක් කියලා නාමයක් නෑ..හහ්
කමක් නෑ ජිමින්..ඔයාගෙ චූටි බිස්නස් එකට මේ හම්බ උන ඔෆර් එක සෑහෙන්න වටිනවා..

ජියෝන් ඒයර් ගේ අපාට්මන්ට් එක ඩිසයින් කරා කියලා ජිමින්ගේ ඉන්ටීරියර් ඩිසයිනින් ශොප් එකේ වෙබ් සයිට් එකට දැම්මම එයාගේ බිස්නස් එක ෆේමස් වෙන හැටි එයාට දැන්ම මැවිලා පෙනුනා..

එතකොට ඔයාගේ දක්ශකම් හැමෝම දැනගනී මෝඩ පුංචි කුකුල පැටියෝ...

තමන්ටම කියාගත්ත එයා හිනාවෙවි එයාගේ අත් කකුල් බිම හතර අතේ විසිරුවා ගත්තේ ස්ටාර් ෆිශ් කෙනෙක් වගේ..

ඒත් ආයෙමත් උඩ තට්ටුවට ආව එයාගේ ක්ලයන්ට් නම් මේ මොන විගඩමක්ද වගේ බැල්මක් එක්ක එයා දිහා බලන් හිටියා කියලා එයා කොහොමවත් දැක්කෙ නෑ..

🌷🌷

Luna 🌙♥️

• Tales of the Heart • [ Jikook Short Story - Completed ]Where stories live. Discover now