• Tale 06 •

347 124 8
                                    

ජිමිනී...

ජන්කුක් බිම හිටිය ජිමින් ව එයාගේ අත් වලට අරගන්න ගමන් කෑගැහුවා..එයාගේ ඇස් වලින් කඳලු කැට වැටෙන්න ගත්තේ දිය ඇල්ලක් වගේ..
ජිමින් වේදනාවෙන් හිනා වෙන ගමන් එයාගේ චූටි අතක් උස්සලා ජන්කුක් ගේ කඳුලු පිහදාන්න උත්සහ කරා..

මට අමාරු නෑ..ඔයා අඬන්-...

ජිමින් අමාරුවෙන් මොනවද කියන්න හැදුවත් එයාගේ රිදුම් දෙන ඔලුව ඒකට හරස් උනා..එයා⁣ එහෙමම ඇස් පියාගෙන ජන්කුක් ගේ අත් අතරට කඩාගෙන වැටෙද්දිම ජන්කුක් ගේ කෑ ගැහිල්ලට එතනට දුවගෙන ආවේ ටේයි අනිත් යාලුවෝ ටිකයි..

මිස්ටර් ජියෝන්...මෙතන මොකද්ද උනේ..

ටේ පිස්සෙක් වගේ කෑගහන්න ගත්තේ එයාගේ මිනී සිහිය නැතුව වැටිලා ඉන්නවා දැකලා..එයාට මොකද්ද උනේ කියලා ටේ ජන්කුක් ගෙන් ඇහුවත් ජන්කුක් හිටියේ ටේට උත්තර දෙන්න පුලුවන් මානසිකත්වෙක නෙවෙයි..
එයා එක විනාඩියකට මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව වගේ මිනීගේ සුදුමැලි උන මූණ දිහාම විතරක් බලාගෙන හිටියා..

ඒත් බිමට වැටුණ ඇලුමිනියම් ලැඩර් එක වගේම කර්ට්න්ස් එක්ක වුඩ්න් පෝල් එක මිනීට උන දේ ගැන ටේ ට සාක්කි දුන්නා..

මිස්ටර් ජියෝන්..බලන් ඉන්න බෑ..ඉක්මන් කරන්න..ගන්න කාර් එක..බැරි නම් කී එක දෙන්න

ජිමින්ගේ අනිත් යාලුවා එවුන්වෝ කිව්වේ ඉක්මනටම ඉස්සරහට එන ගමන්..
එයාලා ඉක්මනට ජිමින්ව ලඟම තිබුණ හොස්පිට්ල් එකට අරගෙන යන්න හැමදේම ලෑස්ති කරා..

ටේ ඔයා මිස්ටර් ජියොන් එක්ක යන්න..අපි අපාට්මන්ට් එක ලොක් කරලා ජින් හෙයොන්වත් එක්කගෙන හොස්පිටල් එකට එන්නම්..කේන් ඔයා කාර් එක අරන් යන්න..

එවුන්වෝ එහෙම කියලා එයාලව ඉක්මනටම පිටත් කරා..
එයාලා හොස්පිට්ල් එකට යනකල්ම ජන්කුක් කරේ නහය ඇද ඇද ජිමින්ගේ ඔලුව අතගෑව එක විතරයි..ටේ ⁣කඳුලු පුරවගත්ත ඇස් වලින් ඒ දිහා බලන් හිටියා..ජිමින්ගේ මූණේ ඇඳුන වේදනාව ඒ දෙන්නටම ගෙනාවේ පුදුමාකාර දුකක්..

මිනී මෙච්චර කෙයාලස් උනේ කොහොමද දෙවියනේ...

මෙච්චර වෙලා ජිමින් දිහා බලන් හිටිය ටේ ශටර් එකෙන් එලිය බලාගත්තේ තවදුරටත් එයාගෙ මූණ ටේ ගේ හිතට වේදනාවක් විතරක්ම වෙද්දි..

මේ හැමදේම උනේ මගේ වැරැද්දෙන්..මට කෑගැහුණේ නැත්තන් එයා කලබල වෙන්නේ නෑ..

ජිමින්ව තව ටිකක් පරිස්සමට තුරුල් කරගෙන ජන්කුක් කිව්වේ ජිමින්ගේ නලලින් පුංචි හාද්දක් තියලා..

ඒ හාද්දත් එක්කම ක⁣ඩාගෙන වැටුණ රස්නේ කඳුලු බෝලයක් ජිමින්ගේ කොණ්ඩගස් අස්සේ හැංගුනා..

🌷🌷

Luna 🌙♥️

• Tales of the Heart • [ Jikook Short Story - Completed ]Where stories live. Discover now