• Tale 05 •

355 127 37
                                    

ලැඩර් එක හරියට තැන බලලා තිබ්බ ජිමින් බරට බරේ කර්ට්න් එකකුත් උස්සගෙන අමාරුවෙන් ඒක උඩට නැගගත්තා..
නැගලා කර්ට්න් එක කරට දාගෙන වෝල් හැගර් එකේ තිබුණ වුඩ්න් පෝල් එකේ නට් එක හෙමින් බුරුල් කරන්න පටන් ගත්තා..
ජිමින් ටික ටික තමන්ගේ වැඩේට ඕනෙව⁣ටත් වඩා ඇටෙන්ශන් එක දෙනකොට ජිමින්ට අමතක වෙන්න ගත්තා මේ වෙද්දි එයා ඉන්නේ කොහෙද කියන එකත්..

ඒ අතරතුරේ උඩ තට්ටුවේ රවුමක් දාපු ජන්කුක් හෙමින් හෙමින් ආයෙමත් පඩිපෙල දිහාවට ආවා..ඇත්තටම එයාට හොයාගන්න තරම් කිසිම අඩුපාඩුවක් වැඩ ඉවර කරපු තට්ටුවේ තිබුණේ නෑ..
ඇත්තටම ජිමිනුයි එයාගේ යාලුවෝ ටිකයි දක්ශ මිනිස්සු ටිකක් කියලා ජන්කුක් වචන දෙකක් නැතුව පිලිගත්තා..
ඒ වගෙම ජිමින් එයාගෙ බෙඩ් රූම් එකට කරල තිබුණ දේ දැක්කමත් ජන්කුක් ට පිලිගන්න උනා එයා මේ චූටි කොල්ලා ඉස්සරහ චුට්ටක් විතර පරාද උනා කියලත්..ජිමින් එයාගෙ බෙඩ් රූම් එකට බ්ලැක් එක්ක මික්ස් කරල පුංචි වයිට් ටච් එකකුත් දීල තිබුණේ බැලූ බැල්මට කාටවත්ම නෝට් නොවෙන විදිහට..

ඒක ඇත්තටම ඔයාටයි මටයි හොඳටම මැච් වෙයි තමයි වස්තුවේ..

ජන්කුක් හිතින් හිතන ගමන් හෙමින් පඩිපෙල බහින්න පටන් ගත්තා..ඒත් එයා පඩිපෙලේ මගක් එද්දි දැක්ක දෙයින් පුදුම තරම් කලබල උනා..

පුංචි මිනී හිටියේ ඇඟිලි වලින් ඉස්සිලා කර්ට්න් එක දාපු වුඩ්න් පෝල් එක වෝල් හැඟර් එකට දාගන්න ට්‍රයි කරා..පෝල් එක වැටෙන්න වෙලාව ගතවෙන තරමටම එයාගේ ඇඟිලි වල බැලන්ස් එක ටික ටික නැති වෙන්න පටන් ගත්තා..
ඒ හින්දම ඇලුමිනියම් ලැඩර් එක හරි භයානක විදිහට පැද්දෙන්න පටන් ගත්තත් මිනීට ඒක ගැන එච්චර ගාණක් තිබුණේ නෑ..එයාට ඕන උන එකම දේ එයාගේ වැඩේ හරියට කරන එක..

ජන්කුක් ට මිනී ඉන්න විදිහ දැකලා උන්හිටි තැන් අමතක උනා..එයා හිටියේ පුදුම තරම් කලබල වෙලා..

මිනී....හ්...එපාහ්...

එයා මහ හයියෙන් කෑ ගහන ගමන් පඩිපෙලේ ඉතුරු ටික පහලට දුවන්න ගත්තා..ඒත් කලබල උන පාරට ජන්කුක් අතින් සිද්ධ උනේ වෙන්න ඕන දෙයක් නෙවෙයි..
ජන්කුක්ගේ කෑ ගැහිල්ල ඇහුණ ජිමින් ඉක්මනටම ඔලුව හරවලා පඩිපෙල දිහා බලනකොට එයාගේ තිබ්බ චූටි බැලන්ස් එකත් ඒ තප්පරේම නැතුව ගියා...

ආහ්හ්...

තමන්ගේ කටින් නොපැහැදිලි හඬක් පිට කරපු මිනී ලැඩර් එකත් පෙරලගෙන කර්ට්න් පෝල් එකත් එක්කම අඩි දොලහක් විතර පහලට ඇදගෙන වැටුණේ ජන්කුක් ගේ ඇස් දෙක ඉස්සරහමයි..

🌷🌷

Luna 🌙♥️

• Tales of the Heart • [ Jikook Short Story - Completed ]Where stories live. Discover now