• Tale 07 •

344 127 11
                                    

පේශන්ට්ගේ රිපෝට්ස් හෙට එයි..එතකල්  එයා ලඟ එක්කනෙක් විතරක් ඉන්න..ඕනම හදිස්සියකදි මේ බෙල් එක රිංග් කරන්නකො...

ඩොක්ටර් ඇවිත් ජිමින්ව බලලා එයාගේ ඔලුවේ ටෙස්ට්ස් වගයක් කරලා ගියාට පස්සේ නර්ස් කෙනෙක් ඇවිත් ජන්කුක් ට කියලා ජිමින්ගේ සේලයින් එහෙමත් චෙක් කරලා යන්න ගියා..

මම ඉන්නම් ජිමින් ලඟ...

ටේයි ජන්කුකුයි එකපාරම කිව්වේ එයාලා ලඟ හිටගෙන හිටිය ජින් ට..

එයාලා නෝමල් වෝඩ් එකෙන් ජිමින්ව VIP සූට් එකකට මාරු කරවලා දැන් ටිකක් වෙලා..ජිමිනගේ ගෙදරින් වගේම ටේ ගේ ගෙදර අයත් ඇවිත් ජිමින්ව බලලා ගියාට පස්සේ, හරියටම කිව්වොත් එයාලට වද වෙන්න එපා කියලා ජින් එයාලගෙ හිත හදලා ගෙදර යැව්වට පස්සේ තමයි නර්ස් ටේකුක් දෙන්නට එහෙම කතාවක් කිව්වේ..

ඔයා...ජිමින් ලඟ ඉන්න...??

ටේ ඇස් දෙක හීනි කරලා හරිම නපුරු පාට විදිහට ජන්කුක් දිහා බැලුවා...

ඔව්..ඇයි ඒකේ මොකක් හරි වැරැද්දක් තියෙනවද...??

ජන්කුක් හරිම කෝල්ඩ් ටෝන් එකකින් ටේ ගෙන් ඇහුවා..ඇයි මේ කොටි පැට්ටා හැමවෙලේම එයාගෙන් ජිමිනිව උදුර ගන්න එන්නේ...

ඔයා නිසයි මිස්ටර් ජියොන් මගෙ මිනී⁣ට මෙහෙම උනේ..ඉතින් තවත් මම ඔයා වගේ කෙනෙක්ව එයා ලඟින් තියයි කියලා ඔයා කොහොමද හිතුවෙවත්..??

ටේ ගේ කටින් එක දිගටම පිට උනේ ජන්කුක් ව රිද්දන වචන..එයා මේ වෙද්දිත් පුංචි මිනී වැටුන එකේ වැරැද්ද තමන් පිට පටව ගන්න ගමන් හිටියා..ඒ අතරේ ටේ ගේ හිත රිද්දන වචන එයාගේ පපුව මිලියන ගාණකට බිඳලා දැම්මා..
ඇත්තටම නම් ටේ මෙච්චර ජන්කුක් ට නපුරු වෙන්න හිතුවේ නෑ ඒත් එයාගේ හිතේ තිබුණ වේදනාව එයා කරන්නේ කියන්නේ මොනවද කියලා දන්නෙ නැති තැනට එයාව පත් කරලා තිබුණා..

ඔයා මොන හේතුවකටද එයාට මේ හැටි ලං වෙන්න හදන්නේ මිස්ටර් ජියෝන්...ප්ලීස් එයාගෙන් ඈත් වෙලා ඉන්න...ප්ලීස් මිස්ටර් ජියොන්...

ටේ ගේ ඊතල තුඩු වගේ වචන ජන්කුක් ගේ හිත පසාරු කරගෙන යනකොට ජන්කුක් ගේ ඇස් වලින් එක සීරුවට කඳුලු කැට කඩාගෙන වැටුණා...ජින් ටික වෙලාවක් එයාලා දිහා බලන් ඉඳලා හිමින් ටේ ගේ අතින් අල්ලගත්තා..

ටේ...එන්නකො..අපි ටිකක් කතා කරමු පැටියෝ..

එයා ටේ ව රූම් එකෙන් එලියට යන අතරතුරේ ජන්කුක් ට ඔලුව වනලා ජිමින් ලඟට යන්න කිව්වා..
එයාලා දෙන්නා එලියට යනකල් බලන් හිටිය ජන්කුක් දොර වහලා රූම් එකේ තිබුණ පුටුවත් අරගෙන ගිහින් ජිමින්ගේ හොස්පිට්ල් බෙඩ් එක ලඟන් ඉඳගෙන මිනීගේ චූටි අතක් තමන්ගේ අත් අතරට ගත්තා...

🌷🌷

Luna 🌙♥️

• Tales of the Heart • [ Jikook Short Story - Completed ]حيث تعيش القصص. اكتشف الآن