• Tale 08 •

331 119 8
                                    

වස්තුවේ...ඔයාට සොරි කියල කියන්න පුලුවන් නේද හෙයොන්ට..

ජන්කුක් ජිමින්ගේ චූටි අත එයාගේ අත් අතරට ගන්න ගමන් මිමිණුවා...එයාට දුකයි..පැය ගාණකට කලින් එයාගේ වටේ ඇවිද ඇවිද හිටිය එයාගේ සතුටු පෙත්ත මෙහෙම ඉන්නකොට..

ඔයා දන්නවද මිනී...ඔයා ඩිසයින් කරේ අපෙ ගෙදර කියලා..

ජන්කුක් හීන් සීරුවේ නැමිලා ජිමින්ගේ නලලින් පුංචි හාදුවක් තිබ්බා..ඊටපස්සේ හෙමින් හෙමින් එයාගේ ඔලුව අතගාන්න පටන් ගත්තා..

ඔයාව මං දැක්කේ ඉස්සෙල්ලම ඔයා යුනි යන කාලේ..දවසක් ඔයා ඔයාගේ යාලුවෝ එනකල් ෆ්‍රියා කැෆේ එකට වෙලා පැය ගාණක් බලන් හිටියා..මම නිකමට එදා ඔෆිස් එකේ ඉඳලා කැෆේ එක පැත්ත බලනකොටයි ඔයාව දැක්කේ..ඉස්සෙල්ලම ඔයාව දැකලා මම පැය ගාණක මීටින් එකකට ගිහින් එද්දිත් ඔයා එතන..
තරහෙන් මූණත් රතු කරගෙන..චූටි චිලී පෙපර් එකක් වගේ ඔයා පුපුර පුපුර හිටියා පැටියෝ..

ජන්කුක් දිගින් දිගටම එයාගේ ඇඟිලි මිනීගේ සුවඳ පිරුන කොණ්ඩ ගස් අතරින් අරගෙන ගියා..

මං ඊට පස්සෙ දවසෙත් ඔයා ඉන්නවද කියලා නිකමට බැලුවා..ඒත් ඔයා හිටියේ නෑ..එදා ඉඳලා සතියක්ම යනකල් ඔයා අායෙමත් මට පේන්නවත් හිටියේ නෑ..

ඒ අතරේ මම කැෆේ එකට ගිහින් ඔයා ගැන ටිකක් හෙව්වා..ඒත් කිසිම කෙනෙක් දැනන් හිටියේ නෑ ඔයා ගැන..

ඒත් මට අවුරුදු ගාණක් විදිහට දැනුන සතියකට පස්සෙ දවසක හවස ඔයා ආයෙමත් ඔයාගේ ඇස් ගිල්ලන හිනාවත් එක්ක කැෆේ එකේ හිටියා..
එදා ඉඳලා මම ආයෙත් උදේ හවස ඔයා එතන ඉන්නවද බලන්න පුරුදු උනා..

ටික දවසක් යද්දි ඔයා දිහා බලලා දවස පටන් ගන්න එක වගෙම මහන්සිය පිරුණ දවසක් ඔයා දිහා බලලා ඉවර කරන එකත් මට පුරුද්දකට ගිහින් තිබුණා..ඔයා දිහා බලන වාරයක් ගාණේ මං හිනා වෙන්න ඉගෙන ගත්තා..ඔයා දකින් වාරයක් ගාණේ මගෙ හදවත ගැහෙන්න ගත්තේ පුදුම වේගෙකින්..

අන්තිමට ජින් හෙයොන් හොයාගත්තා එයාගේ පුංචි සීතල කාටවත් ආසාවකට හිනාවක්වත් නොදෙන කුකීට මොකද්දෝ ලෙඩක් හැදිලා කියලා..එයා ඒකට හේතුව කියන්න කියලා මෙතන දෙක කරා පැටියෝ..මං ඔයා ගැන මට දැනෙන විදිහ එයාට කිව්වා..
අන්තිමට ජින් හෙයොන් එයාගෙ ⁣ෆියොන්සෙ ජුනී හෙයොන් එක්ක කරපු ලොකු ඩිස්කශන් එකකට පස්සෙ එයාලා හොයාගත්තා එයාලගෙ කුකී පුංචි ඒන්ජල් කෙනෙක්ට ආදරේ කරන්න අරගෙන කියලා..

එයාලා කිව්වේ කෙලින්ම මට ඔයා එක්ක මේ ගැන කතා කරන්න කියලා..ඒත් හේතු දෙකක් නිසා මට ඒක කරන්න බෑ කියලා මගෙ හිත කිව්වා..

එකක්..ඔයා මාව රිජෙක්ට් කරොත් මට කවදාවත් ඒක දරන්න පුලුවන් වෙන එකක් නෑ පැටියෝ..අනික ඒ වෙනකොට ඔයා යුනි එකේ ෆයිනල් ඉයර් එකට ආවා විතරයි..

🌷🌷

Luna 🌙♥️

• Tales of the Heart • [ Jikook Short Story - Completed ]जहाँ कहानियाँ रहती हैं। अभी खोजें