🎀 Chapter 11 🎀

304 75 23
                                    

💖 11 💖

යොන් ජුගේ වාහනය ආරුක්කු නවයේ පාලම යට අතහැර දමා තිබුනේ ය. වාහනයේ දොර ඇර දමා තිබුණු අතර ඔහු සුක්කානමේ ඔලුව තබාගෙන සිටියේය .

ඔහුගේ ශරීරයේ ලේ සම්පූර්ණයෙන්ම වාගේ ගලාගෙන ගොස් එහි සුදුපාට වැලි රතුපැහැ කර තිබුනේ ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහුගේ ශරීරයේ ලේ සම්පූර්ණයෙන්ම වාගේ ගලාගෙන ගොස් එහි සුදුපාට වැලි රතුපැහැ කර තිබුනේ ය.

ශාන්ට සහ යීබෝට එතනට එන්න විනාඩි කීපයක් පමණ ගත විය. වාහනය පදවන්න තරම් හොද සිහියෙන් යීබෝ නොසිටි නිසා ශාන් වාහනය තමන්ගෙ අතට ගෙන තිබුනේ ය.

ඔහු මුලු කාලය පුරාම කලබලයෙන් නියපොතු හපමින් සහ යුමෝ ට වැරදීමක් වෙන්න ඇති කියා පවසමින් සිටියේය .

ඒ වන විටත් පොලිසිය එතන පිරී සිටි අතර, මුලු ප්‍රදේශය ම කහපාට බාදක පටි වලින් ආවරණය කර තිබුනේ ය.

අධිකරණය වෛද්‍යවරු ඔවුන් එද්දී ම වැඩ අවසන් කර ඉවතට යමින් සිටියේය .ශාන් වාහනය හරියට නතර කරන්නත් කලින්ම යීබෝ දොර ඇරගෙන එලියට පැන්නේය .

"සර් ඔයාට යන්න දෙන්න බෑ....මේක අපරාධ ස්තානයක් !"

යුමෝ යීබෝට යන්න දෙන්න කියා තම යටත් නිලදාරියාට ඉගි කලේය .ඉතිං යීබෝ බාගයට අඩමින් සහ වෙවුලමින් කාරය ලගට ගියේය .

"යො...යොන් ජුයා!... මෙතන මො..මොකද කරන්නේ ?.. අපි ගෙදර යමු. ඔයාට සීතල හැදෙයි ...ආහ්..යොන් ජුයා...අනේ "

නමුත් ඔහු වෙනදා වගේ කතා නොකලේය .ඔහු දිහා ඒ කරදරකාරී දෑස් වලින් නොබැලුවේය .ඔහු ....මුකුත්ම එහෙම නොකර සිටීම යීබෝ වේදනාවට පත් කලේය .

ඔහුගේ ලේ යීබෝට පෑගෙමින් තිබුනේ ය.ශාන් වාගේම යුමෝත් එහි පැමිනියේය .නමුත් යීබෝ ඇත්තටම හොද සිහියෙන් ඉන්නවා කියා කාටවත් කියන්න නුපුලුවන් වුනේය .

After long time 💛 (Story Complete )Where stories live. Discover now