🎀 Chapter 20 🎀

274 74 26
                                    

💖 20 💖

යීබෝ දුම්රියේ කොනක ඉදගෙන සිටියේය .තාමත් ඉර එලිය වැටෙමින් තිබුණු අතර දුම්රිය කුටි සෙමෙන් සෙමෙන් බීජිං බලා යන මිනිසුන්ගේ පිරෙමින් තිබුනේ ය.එය යීබෝට ඇර අන් සියල්ලෝටම සතුටු හිතෙන දවසක් වුනේය .එය චීන අලුත් අවුරුද්ද වුනු අතර එහි සිටි සෑම මිනිසෙක්ම තම ආදරනීයන් ට සමුදෙමින් සිටියේය .නමුත් යීබෝ ....ඔහු පමනක් ....ඔහු පමනක් තමන්ගෙ ආදරනීයන්ගෙන් පැන යන කෙනා වුනේය .

යීබෝ නොහඩා ඉන්න දැඩි වෙහෙසක් ගනිමින් විටෙක කැස්සේය. විටෙක වේගයෙන් හුස්ම ගත්තේය .නමුත් ඔහුට කොහෙත්ම ශාන් මතක් වෙද්දී දැනෙන ඒ පපුව හාරගෙන යන වේදනාවට හුරු වෙන්න නොහැකි වුනේය .

ඒකට කමක් නෑ යීබෝ....ශාන් පරිස්සම්න් ගෙදර යාවී....ඔහු උදේ නැගිට්ටාට පස්සේ ..සමහරවිට පැයක්...පැය දෙකක්...එහෙමත් නැත්තම් දවසම යීබෝව සොයාවී...ඊටපස්සේ ඔහු ගෙදර යයි. ඔහු කෙසේ හෝ හිත හදාගනිවී...මේ හොදම ක්‍රමය නිසා ....කරුනාකරල යීබෝ ...කරුනාකරල ඔයාට පුළුවන් .

යීබෝ තමන්ටම මුමුනමින් දෑස් පියාගෙන සීට් එකට හේත්තු වුනේය .ඔහු මෙය මේ තරම් අසීරුයි කිය නොසිතුවේය .ඔහු එය මේ තරම්ම රිදෙයි කියා නොසිතුවේය ....සියල්ලටම පසු මේ තරම්..!

ඔහුට රෙබෙකාගෙන් තව කල් ඉල්ලන්න තිබුනේ ය. තව දවස් දෙකක්...නෑ නෑ සතියක්...නෑ එක මාසයක් ඇති...කරුනාකරල දවස් 100ක් ?!

නමුත් ඇය යීබෝගේ යෝජනා වලට සවන් දෙන්නේවත් නැතුව සම්පූර්ණ දවසක් ලබා දුන්නේය .ඇය යීබෝටත් වඩා හොදට යීබෝ දැනගෙන සිටියේය .ඔහුට කොහෙත්ම ශාන් ලගින් ඉවතට යන්න බැරි නිසා..... දවසක් දීමත් ඕනෑවට වැඩි වුනේය .ඔවුන් දෙදෙනා ඇත්තටම කාන්දමක් විරුද්ධ පැති වාගේම වුනේය .

අවසානයේ යීබෝ වේදනාව මැද තනි වී සිටියේය .

"එක දවසයි!"

"මම බෑ කීවොත්...මම ශාන්ගෙන් වෙන් වෙන්නේ නෑ කීවොත් මොකද්ද ?.. ඔයා එයාව මරනවද?"

"ම්...මරනවට වඩා රසවත් දෙයක් තියෙනවා .මට ශාන්ව සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරන්න පුළුවන් "

"මොකක්?!"

"රහසක්....මගෙ ලග ශාන්ට පිස්සු හැදෙන රහසක් තියෙනවා ! .. මට පුළුවන් ශාන්ගේ ඉතුරු ජීවත කාලෙම පිස්සන් කොටුවක් ඇතුලේ ගත කරන්න සලස්වන්න..."

After long time 💛 (Story Complete )Where stories live. Discover now