🎀 Chapter 23 🎀

678 111 70
                                    

💖 The final chapter 💖

අතීතය

පාසල් අධ්‍යාපන චාරිකාව රෙබෙකාට කවදාවත් යන්න වුවමනා නොවුනේය . ළමයි පිස්සු හැදුනු මිනිස්සු වාගේ කෑ ගසමින් ඝෝෂා කරන තැන වලට ඇය කවදත් වෛර කලාය.

"ඇයි ඔයාට යන්න බැරි?"

"නිකන්...මම කැමති නැති නිසා"

"සල්ලි ගෙවපු නිසාවත් එනවා"

"යීබෝ ගගා එනවද?"

"ඔව් ඒ මනුස්සයනම් අනිවාර්යයෙන්ම යයි"

පීටර් ඔහු කියවමින් සිටි පොත පැත්තකින් තබමින් සිනාවෙමින් කීවේය .ඒ ශාන් සහ යීබෝ යාලුවුනු අලුතම වුනේය .ඔවුන් එකෙනෙකා සමග ආදරේ කරන්න පටන්ගෙන මාසයක්වත් ගත වී නොතිබුනේ ය.

ඉතිං වෙනදා වාගේ නොවී....යීබෝ සම්පූර්ණයෙන්ම එදා වෙනස් මනුස්සයෙක් බවට පත් වී තිබුනේ ය.

ඔහු ශාන් ලගින් ඉදගද්දී....ඇය සම්පූර්ණයෙන්ම ඔහු වෙනුවෙන් අල්ලාගත් ඉඩ ඔහු නොසලකා හැරියේය .යන හැමතැනම යීබෝ ශාන් සමග ගියේය .හරියට ..... හරියට .....ඔහු ශාන්ට වශී වෙලා ඉන්නවා වගේ... ඒ කාලකන්නි මායාකාරයා...ඔහුව වශී කරගෙන වගේ!

"යීබෝ ගගා...එයා වෙනස් වෙලා"

"මොකද්ද?"

"එයා වෙනදා වගේ නෙවෙයි .අපි ලගින් ඉදගත්තේ නෑ...අපි එක්ක කෑවේ නෑ...අපි ඉන්නවද නැද්ද කියලා බැලුවේ නෑ !"

"රෙබෙකා...ඔයා දැන් බබෙක් නෙවෙයි .යීබෝට දැන් ආදරේ කරන්න එයාගෙම කෙනෙක් ඉන්නවා..."

නමුත් එය ඇය කවදාවත් තේරුම් නොගත්තාය .

"එයා මැරුනොත්...යීබෝ ගගාට ආයෙම අපිව  පේන්න ගනී නේද?"

"කටවහපන්!!"

පීටර් එය කාටහරි ඇහුනාද කියා බලන්න වට පිට බැලුවේය .ඇය ඇයි මෙහෙම ?... ඇයි ඇය හැමවෙලේම මේ වගේ.... මෙතන මරනවානම් මරන්න ඕනා කෙනා....වෙන කවුරුත් නොව ඇය වුනේය .ලෝකයට පිලිලය වුනු කෙනා ඇය වුනේය .

ඔවුන් වෙහෙසකර දවසක් අවසන් කරමින් විල ලග තමන්ගෙ කූඩාරම් ගසාගත්තේය .

Kamu telah mencapai bab terakhir yang dipublikasikan.

⏰ Terakhir diperbarui: Dec 23, 2022 ⏰

Tambahkan cerita ini ke Perpustakaan untuk mendapatkan notifikasi saat ada bab baru!

After long time 💛 (Story Complete )Tempat cerita menjadi hidup. Temukan sekarang