🎀 Chapter 15 🎀

278 77 14
                                    

💖 15 💖

"මොකද්ද වුනේ?!"

ඒ වන විටත් පොලිසිය රෝහල අසල පිරී සිටියේය .හදිසි ප්‍රතිකාර ඒකකය ලගදී ඔවුන්ට කලබලයෙන් එහාට මෙහාට යන යුමෝ දැකගන්න පුළුවන් වුනේය .

"යුමෝ?!"

"එඩ්වඩ්ට පිහියෙන් ඇනලා!"

"කහ කුඩේ මිනීමරුවා ?!"

"ඔව් එයා තමයි. තත්වේ ගොඩක් අමාරුයි !"

"තමුසෙට කීවා... තමුසෙට මම කලින්ම කීවා මිනිහා ඇමක් විදිහට ගන්නවනම් එයාට මුකුත් නොවෙන්න බලාගන්න කියලා !"

"ආහ් රෙද්ද ... පුළුවන් උපරිමයෙන් තමයි එයාව බලාගත්තේ!"

"නවත්තනවා දෙන්නම දැන්!"

ශාන්ගේ හඩ වඩාත් උස් වෙද්දී දෙදෙනා ම දෙපසකට වුනේය .ශාන්ගේ ඇස් වලින් සිචෙන් ව පෙන්නද්දී යීබෝ යුමෝ දිහා බැලුවේ ය.

"එයා දැක්කා ඔක්කොම ....ඔය විදිහට බලන්න එපා මට එයාව නවත්තන්න බැරි වුනා!!"

ශාන් යුමෝ සහ යීබෝ නොසලකාම බිම ඉදගෙන වෙවුලමින් සහ ඉකිගසමින් සිටි සිචෙන් ලගට ගියේය .ඔහු කොහොමත් සිහියෙන් ඉන්නා බවක් නොපෙනුනේය .

"සිචෙන්..!"

.........

"සිචෙන්..අනේ මල්ලි !"

"එයා මැරෙන්න යන්නේ... අනේ එයා මැරෙන්න යන්නේ... ලේ ගොඩක් තිබ්බා.. එයා වැටිලා හිටියා.. එයාගෙන් ලේ ගැලුවා..එයාගේ..."

ශාන් ඔහුව වැලදගෙන ඔහුගේ උරිස් වලට තට්ටු කලේය . සිචෙන් සම්පූර්ණයෙන්ම එඩ්වඩ්ගේ ලේ වලින් නෑවී සිටියේය .

"අයියේ.. මොකද්ද වෙන්නේ එයා මැරුනොත්?!"

ඔහු සම්පූර්ණයෙන්ම මානසිකව වැටී සිටියේය . මේ අනුපාතෙට ඇත්තටම එඩ්වඩ් මැරුනොත් ඔහු පිස්සෙක් වෙන්න පුළුවන් කියා යීබෝට වාගේම ශාන්ටත් තේරෙනේය. ඉතිං යීබෝ ශාන් ඉවත් කරමින් සිචෙන්ගේ කොරලයෙන් තද කර අල්ලාගෙන දැඩිව බිත්තියට තද කරගත්තේය .

"කවුද මැරෙන්නේ ?.. කවුරුත් මැරෙන්නේ නෑ තේරුනාද ?.. ලේ ටිකක් ගියා කියලා මනුස්සයෙක් මැරෙන්නේ නෑ... එයාට මැරෙන්න බෑ... තමුසෙ පොරොන්දු වුනා ඊලග පාර එඩ්වඩ් එක්ක මාලු අල්ලන්න යනවා කියලා ...පොරොන්දුවක් දුන්නනම් නියම මිනිහෙක් වගේ ඒක ඉෂ්ඨ කරන්න ලෑස්ති වෙනවා!

After long time 💛 (Story Complete )Donde viven las historias. Descúbrelo ahora