🎀 Chapter 12 🎀

283 75 31
                                    

💖 12 💖

යීබෝ කඩාගෙන බිදගෙන පොලිසිය ඇතුලට එද්දී ,යුමෝ ඒ වන විටත් ප්‍රශ්න කිරීමේ කාමරය තුල සිටියේය .

"මි...මිනීමරුවා ...?!"

"ඩොක්ටර් එඩ්වඩ් ද?!"

ශාන්ට මොකද්ද වෙන්නේ කියා සිතාගන්න නොහැකි වුනේය .යීබෝ සහ ශාන් මූනෙන් මූන බලාගනිද්දී...පෙරදාක සිචෙන් ඔහු ගැන කොච්චර ලොකු ගුණ වර්නනාවක්ද කරේ කියා දෙදෙනාටම මතක් වුනේය .

පෙරදාක සිචෙන් ඔහු ගැන කොච්චර ලොකු ගුණ වර්නනාවක්ද කරේ කියා දෙදෙනාටම මතක් වුනේය

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

"මිනිහද ඇත්තටම මිනීමරුවා !?"

"මිනිහා ආයුදෙත් එක්කමයි බාර වුනේ. ඒකේ යොන් ජුගේ ලේ තියෙනවා .යොන් ජුගේ ඇගේ තියෙන කැපුමට හැම අතින්ම ඒ පිහියේ ප්‍රමානය සමානයි"

"ඉතිං...?"

යීබෝ යුමෝගේ මූන දිහාම බලාගෙන සිටියේය .

"ඒත් මෙතන...මොකක් හරි අමුතු දෙයක් තියෙනවා !... හැම සාක්ෂියක්ම එයා මිනීමරුවා කියලා කීවත්... මේ මනුස්සයා මිනීමරුවා වෙන්න බෑ කියලමයි මට හිතෙන්නේ !"

ශාන් වීදුරුවෙන් එඩ්වඩ් දිහා බලාගෙන සිටියේය .ඔහු බොහොම සන්සුන්ව තමන්ගෙ දෑස් පියාගෙන පුටුවට හේත්තු වී සිටියේය .

"එයා නෙවෙයිනම් මිනීමරුවා.. ඇයි වෙන කෙනෙක්ගේ වරදකට එයා වැරැද්ද පිලිගන්නේ?!"

"ආහ්..ෂික්!.. මේකනම් පිස්සුවක්!"

යුමෝ සහ යීබෝ ඉදගෙන එක එක උපකල්පන ගොඩ නගමින් සහ තර්ක කරමින් සිටියේය .අවසානයේ ඔවුන්ට බොන්න බැරි වෙන තරමටම කෝපි කෝප්පය නිවී තිබුනේ ය.

"මම හිතන්නේ අපි මුලදිම නොමග ගියා!"

"ඒ කීවේ..?"

"පොඩ්ඩක් හිතන්න අපි කිව්වට මේ මරණ වලට සම්බන්දයක් නෑ කියලා ඒවා එකකට එකක් සම්බන්දයි"

After long time 💛 (Story Complete )Onde histórias criam vida. Descubra agora