🎀 Chapter 13 🎀

287 77 15
                                    

💖 13 💖

අතීතය

"රෙබෙකා!?"

යීබෝට හැමදාම වාගේ ඇයව බොහෝ වෙලාවක සිට හොයන්න වුනේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබෝට හැමදාම වාගේ ඇයව බොහෝ වෙලාවක සිට හොයන්න වුනේය .අවසානයේ ඇය ඉපනැලි වලින් වට වී සිටි ඇයව යීබෝ සොයාගත්තේය .ඇය හැමදාම අනාත නිවාසේ කෙලවරේ තිබුණු පොකුන ලග ඉපනැල්ලේ සැගවී සිටීමට කැමති වුනේය .

"මොකද්ද කරන්නේ ?!"

ඇය වටා ඉරා දමා තිබුණු පාට පාට සමනලුන් රාශියක් තිබුනේ ය.විවිද පාට වල ,ලස්සන සමනලුන් ගොඩක් ඇගේ කකුල් වටා මැරී සිටියේය .

"ගගා..!"

යීබෝට මෙය අමුතු දර්ශනයක් නොවුනේය .ඇය හේතුවක් නැතුවම මෙහෙම කලාය .බොහෝ විට පීටර් ඇයට එහෙම කරනවා කියා ගැහුවත් බැන්නත් ,යීබෝ කවදාවත් එහෙම නොකලේය .

ඉතිං රෙබෙකාගේ ප්‍රියතම සහෝදරයා ඔහු වීම පුදුමයක් නොවුනේය .

"මොකද්ද කරන්නේ!"

"නිකන් මට කම්මැලි හිතුනා"

"රෙබෙකා..  මම ඔයාට කලිනුත් කීවා ඔය වැඩේ නවත්තන්න කියලා !"

"ඇයි?... ඇයි මම නවත්තන්න ඕනී ?"

"මොකද ඒ සත්තු ඔයාට කවදාවත් වරදක් කරලා නෑ.. උන් ගොඩක් අහිංසකයි .ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද ? ඒ තරම් ලස්සන සත්තුන්ට එහෙම කරන එක වැරදි "

"ඒ වුනාට මම උන්ට කැමති නෑ..."

"ඇයි?"

"උන්ගේ තියෙන්නේ බොරු ලස්සනක්!.. උන්ව ඒ විදිහට ඉරලා දාද්දී මට සතුටු හිතෙනවා !.. බලන්නකෝ උන් දගලන දිහා!"

"රෙබෙකා...!"

එදා යීබෝට ඇගේ දෑසේ තිබුණු භයානක බැල්ම කොහෙත්ම අමතක කරන්න නොහැකි වුනේය .

After long time 💛 (Story Complete )Where stories live. Discover now