🎀 Chapter 16 🎀

289 79 9
                                    

💖 16 💖

ජාවා මොහොතක් ඒ ජායාරූපය දිහා බලාගෙන සිට එය ආපහු යීබෝගේ අතටම දුන්නේය .

"ඇලෙක්සැන්ඩර් බේබි හාමු ගැන කියන්න ලොකු දෙයක් මාත් දන්නේ නෑ. ඒ මහත්තයා අවුරුදු 20 දි බ්‍රසීලෙට යැවුවා කියලා මම දන්නවා. එතකොට මටත් 20 යි. එයා ගිය අවුරුද්දෙමයි ඔයාගේ අම්මයි තාත්තයි බැන්දේ... මගුලටවත් බේබි හාමු හිටියේ නෑ."

"ඇයි එයාව රට යැවුවේ?. එයා ආයේ ආවේ නැද්ද ?"

"දන්නේ නෑ...එහෙදි නිව්මෝනියාව හැදිලා මැරුනා කියලා ආරංචි වුනේ.. මාත් හරියටම මුකුත් දන්නේ නෑ... පවුලේ තිබුණු කතා කරන්න තහනම් මාතෘකාව තමයි ඇලෙක්සැන්ඩර් බේබි හාමු.."

"මට එයා ගැන දැනගන්න ඕනී නම් මම කාවද හම්බෙන්න ඕනි ?"

"මට විශ්වාසයක් නෑ..කාටවත් එයාව මතකයි කියලා !"

"එහෙනම් මට මේ පොටෝ එක දෙන්න එයාව හොයාගන්න !"

මොහොතක් නිහඬව ජාවා තමන්ගෙ ඇගිලි දිහා බලාගෙන සිටියේය .

"මැරුනු කෙනා ගැන මොනවා හොයාන්නද?

ආපහු නිවසට එන මුලු කාලය පුරාම ශාන් සම්පූර්ණයෙන්ම නිහඬව සිටියේය .එකවරම පවුලේ කවදාවත් දැක නැති අභිරහස් සාමාජිකයෙක් මතු වීම මොනවගේද කියා යීබෝට හිතාගන්න පුළුවන් වුනේය .

"ඒක අමුතුයි එහෙම නේද?"

"මොකද්ද අමුත්ත..?"

නමුත් ඒ වන විටත් යීබෝටත් යම් සැකයක් ඇති වෙමින් තිබුනේ ය.

"හැමෝම කතා කරන්න අකමැති මාතෘකාවක් තියෙනවනම්... එතන මොකක් හරි රහසකුත් තියෙන්න ඕනී. එහෙම නෙවෙයි ද?.. අනික ජාවගේ මූන.. එයා දන්න හැමදේම අපිට කීවා කියලා මම හිතන්නේ නෑ...මට එහෙම හිතෙන්නෙත් නෑ.."

"ඔයාගේ නැන්දා ගැන මොකද.. එයාගෙන් අහන්න ඔනිද?"

"අම්මගේ නංගිද?"

"ඔව්.."

"එයා දන්නවා ඇතිද?"

"ඔයාගේ අම්මා ඒ කාලෙ ඉදන්ම හැමදේම කීවනම් එයාට... එයා නොදැන ඉන්න විදිහක් නෑ.."

"අපි එයාව හම්බෙන්න යමුද?"

"අපි හෙටම යමු.. අද දවල් පීටර් ලග මම ඉන්න ඕනි නිසා!"

After long time 💛 (Story Complete )Where stories live. Discover now