🍁 12 🍁

1.3K 215 61
                                    

❦︎...ආදරෙයි මං පණ තරම්...❦︎

උදේ පහට තිබ්බ එලාම් එක මගේ ලස්සන හීන ලෝකේ බිදලා දාන ගමන් වැදෙද්දි මං ආයේම බ්ලැන්කට් එක අස්සට ගුලි වෙන්න හැදුවත් ඒත් එක්කම විහාන්ගෙන් ආපු කෝල් එක නිසා මං නින්දට බායි කියන ගමන් නැගිට්ටේ කුස්සියෙන් සද්ද බද්ද ඇහෙනකොට තාත්තා නැගිටලා කියලා දැනගත්දි...බෙඩ්ශීට් එක නමලා ඇදලා හදලා සේරම කරලා මං දොරත් ඇරන් කුස්සිය පැත්තට ගියේ තාත්තා මොනාවදෝ හදද්දි...පව්...නිවාඩු දවසෙත් උදේම නැගිටලා...මං පිටිපස්සෙන් ගිහින් තාත්තව බදාගත්තේ තාත්තා පිටිපස්සට අත දාලා මාව අල්ලගනිද්දි...

"සුදු පුතා ගුඩ්මෝනිං මැණික..."

"ගුම් මෝනීං තාම්තා..."

"අනේ අනේ හුරතල් වෙන්න නෙවේ...මං තේ හැදුවා...බීලා ගිහින් මූණ සෝදලා ලෑස්ති වෙන්න...අර ළමයි හයට එනවා කිව්වා නේද..."

"ම්...තාත්තා තේ බිව්වද..."

"නෑ පුතා මං බොන්නම්...ඔයා ගිහින් මූණ සෝදගෙන එන්න තේක බීලා..."

"හරී තාත්තා..."

මං තාත්තව අතෑරලා ප්‍රැන්ට්‍රි එක උඩ තිබ්බ තේක ගත්තේ මට හිනාවක් යද්දි...තාත්තා පෙණ හිටින්න නිමලා...මං තේක බොන්න ගත්තේ කුස්සියේ දොරෙන් එලියට බැහැලා...හරි හරි මේ ළමයා කට හේදුවේ නෑ තමා...ඒත් අනේ ඌරන්ට මොන සෞඛ්‍යද හුම්...කට හෝදලා තේ බොනවට වඩා එක පාර තේ බොද්දි කටත් තෙමෙනවා වැඩෙත් කෙරෙනවා හා නැද්ද...හුම්...මං ඉක්මනට තේක බීලා කෝප්පේ හෝදලා වතුර සුට්ටිත්තක් බීලා ටවල් එකත් අරන් දිව්⁣වේ බාත්රූම් එකට...

ඉක්මනට වොශ් දාලා ඇවිත් මං නිල් ඩෙනිම් එකට සුදු හයිනෙක් අත් දිග ටී-ෂර්ට් එකක් ඇදලා දම් පාටින් ජැකට් එකක් දාගත්තා...

ඉක්මනට වොශ් දාලා ඇවිත් මං නිල් ඩෙනිම් එකට සුදු හයිනෙක් අත් දිග ටී-ෂර්ට් එකක් ඇදලා දම් පාටින් ජැකට් එකක් දාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
|||ආදරෙයි මං පණ තරම්||| ✔️Where stories live. Discover now