🍁 53 🍁

765 118 62
                                    

❦︎...ආදරෙයි මං පණ තරම්...❦︎

දවස් දෙකක් ගෙවිලා ගිහින් තියෙද්දි මම තාත්තා විහාන් අපි⁣ තුන් දෙනාම විහාන් අපි වෙනුවෙන් ගත්ත අලුත් ගෙදරට ආවේ ඊයේ උදේ...අද අ⁣ප්‍රෙල් දහතුන පරණ අවුරුද්ද...හෙට අලුත් අවුරුද්ද...විහාන්ට අලුත් අවුරුද්ද අලුත් ගෙදර ඉදන්ම සමරන්න ඕනි කිව්වනේ...ඒක නිසා ඊයේම ආවේ...අපේ ගෙදරට එනවා කිව්ව අක්කයි අයියයි අද එනවා කිව්වා...ඒ අයියයි අක්කයි හරි හොදයි...අක්කට බබාලා නෑලු...අයියා ඒක දැනගෙනම බැන්දත් අයියගේ ගෙදර අය දැනගෙන තියෙන්නේ අයියා අක්කව බැදලා ගෙදර එක්ක ආවට පස්සේ...ඉතින් එදා ඉදන් ඒ අම්මලා අක්කට වද දෙනවලු...ඒ අක්කා හරි අහිංසකයි...පව්...එයාට වද දෙන නිසා තමයි ඒ අයියා අක්කත් එක්ක වෙනම ගෙදරකට යන්න හොයලා තියෙන්නේ...ඒ අයියා හොද ජොබ් එකක් කරන මාසෙට හොද සැලරි එකක් ගන්නවා...අක්කත් ප්‍රයිවට් ස්කූල් එකක ටීච කෙනෙක්...අවුරුදු තුනක් ඉදලා එයාලා රට යනවා කියලා තමා කිව්වේ...

එයාලා ඉන්න නිසා ගේත් පාළු නෑ ඉතින්...මේ දවස් ටික කැම්පස් උනත් නිවාඩුයි ඉතින් අවුරුද්ද නිසා...හැබැයි ඉතින් අපි දෙන්නටම කරන්න assignment තියනවා...මට තියනවා ඒවත් මදිවට විහාන්ගේ ඒවත් මට කරන්න වෙලා...අනිත් එකා කියලා වෙනසකුත් නෑ ඉතින්...උගේ ඒවා නෙතුශ තමා කරන්නේ...

අදත් වෙනසක් නැතුව මං උදේම නැගිටලා උයලා කරලා තාත්තටත් තේ හදලා දීලා විහාන්⁣⁣ගේ තේ එකත් ලඟට ගිහින් දුන්නේ එයා නම් වගේ වගක් නැතුව නිදාගෙන ඉද්දි...තේක ⁣සයිඩ් ටේබල් එකෙන් තියලා කොච්චර කතා කලත් මේකා නෙවෙයි නැගිට්ටේ...කතා කරලා කරලා බැරිම තැන ටොට ඕනි නම් නැගිටලා බීපන් කියලා මං ආවා එන්න...ඇයි යකෝ...මේ මිනිහව නලවන්න පුළුවන්ද උදේ ඉදන් රෑ වෙනකන් හුම්...

මං කුස්සියට ගිහින් ලොකු බෝල් එකකට පැස්ටා ටිකක් බෙදාගත්තේ අම්මලට ගිහින් දෙන්න...දැන් ඉතින් එහෙත් ඉන්නේ අම්මයි තාත්තයි විතරයි...එකොලොස්වෙනිදා හවස ඩගී සීයයි වනී සීයයි ආයේම newziland ගියා...එහෙ ඉන්න පුතාට සනීප නෑ කියලා කෝල් කලා විතරයි මේ ඩබල ගියා...

"තාත්තා...මං මේ ටික අම්මලට දීලා එන්නම්..."

"තනියමද යන්නේ...ඉන්න මමත් එන්නම් සුදු පුතා..."

|||ආදරෙයි මං පණ තරම්||| ✔️Where stories live. Discover now