🍁 70 🍁

1.5K 128 70
                                    

❦︎...ආදරෙයි මං පණ තරම්...❦︎

උදේම අපි පිටත් වුනේ නුවරඑළියේ යන්න...අද අප්‍රේල් දහය....අද තමයි විහාන්⁣ගේ අලුත් හොටෙල් එක ඕපන් කරන්නේ...ඉතින් අපි ඒකට යනවා...අදට අපි දෙන්නා මැරි කරලා අවුරුදු හතක්...අඩේ අප්පෝව්...බලන්න ඉතින් නේද...මේ අවුරුදු හත ගැන මතක් වෙද්දි මටයි විහාන්ටයි දෙන්නටම හරි සතු⁣ටුයි....අම්මලත් ශෙරෝන් අයියලත් අපි එක්ක යනවා...අම්මලා එයාලගේ වාහනේ එද්දි විහානුයි මායි පුතයි අපේ වාහනේ යනවා.. අපේ තාත්තත් අම්මලා එක්ක...ශෙරෝන් අයියලත් වෙනම ආවේ එයාලා අද ආයේම ගෙදර යන නිසා...පාන්දර පහට විතර පිටත් වුන නිසා අකී මගේ තුරුලට වෙලා නිදි....එයාට සීතලටද මංදා ගුලි වෙලා ඉන්න නිසා මං බ්ලැන්කට් එකකුත් පෙරවලා පුතාව තුරුල් කරගෙනම හිටියා...හයිවේ එකේ ආපු නිසා පැය හතරයි ගානකින් යන්න පුළුවන් නුවරඑළියට....

"සුදු අයියේ...හවසද පාටි එක තියෙන්නේ.."

"පාටි එක නම් හවස බබා...අපිට උදේ වරුව හොටෙල් එකේ ඉන්න පුළුවන්..නැත්නම් ඇවිදින්නත් පුළුවන්..."

"අපි ඇවිදින්න යමුද සුදු අයියේ...පුතාට අමාරු නම් අම්මලා එක්ක තියලායමු...කෝමත් අම්මලා එන එකක් නෑනේ..."

මං කිව්වේ ආසාවෙන්.....

"ම්...චුටී බබිට ඕනි නම් ඒම කරමු...කොල්ලා හොදටම නිදිනේ...පව් බබි...පාන්දර අඩද්දි දුක හිතුනා මට..."

විහාන් කිව්වේ නිදාගෙන ඉන්න අකීගේ අතක් අල්ලගෙන...කොල්ලා උදේ ඇහැරුවම හොදට ඇඩුවා නිදිමතයි කිය කිය...ඒත් ඉතින් නින්දෙන් උස්සන් එන්න බෑනේ...ඉතින් අඩද්දිම මූණ සෝදලා ලෑස්ති කලා...අපි නම් උදේම කාලත් ආවා...කොල්ලට කවාගන්න බැරි වුනා...ඉතින් කිරි එකක් හදාගෙන ප්ලාස් එකකට දාගෙන එයාට නූඩ්ල්ස් එකකුත් හදාගෙන ආවා...මං නම් ආසම නෑ ඕවා දෙන්න...ඒත් අද වෙලාවේ හැටියට වෙන දෙයක් තිබුනෙත් නෑ....

"කොල්ලට මොනා බැරි වුනත් නිදාගන්න එක නම් හොදට පුළුවන් සුදු අයියේ.."

මං කිව්වේ අකීගේ කම්මුලට ලාවට හාදුවක් තියලා...

"තව කොච්චර වෙලා තියනවද සුදු අයියේ...දැන් නම් පස්සත් රිදෙනවා අප්පා..."

|||ආදරෙයි මං පණ තරම්||| ✔️Where stories live. Discover now