🍁 64 🍁

718 122 40
                                    

❦︎...ආදරෙයි මං පණ තරම්...❦︎

3 Months later

කාලය ගෙවිලා යන්නේ ඇසිපිය ගහ⁣න වේගෙන්...එදා අපි ලඟට ආපු අපේ පුංචි පුතාට දැන් මාස තුනක්...මගේ ට්‍රෙිනින් එකත් ගිය සතියෙන් ඉවර වෙද්දි සුරේෂ් තාත්ත⁣ට පිං සිද්ද වෙන්න රජයේ ඉස්කෝලෙකට යන්න පුළුවන් වුනා...ප්‍රයිවට් දැම්මොත් පඩි අඩුයි වැඩ වැඩි...අරකෙත් ඉතින් වෙනසක් නෑ....ඒත් නිවාඩු එමටයිනේ...හේහේ....දැන් අලුත් ඉස්කෝලේ මං මියුසික් සර් කෙනෙක් විදිහට උගන්නන්න අරන් දවස් පහක්...අද ඉතින් සිකුරාදා...අද මගේ එකොලහ වසරේ ළමයින්ගේ ලාස්ට් ඩේට් එක...මං ගිහිල්ලත් මහ දවසක් නැති වුනත් ඒ ළමයි මාත් එක්ක පුළුවන් තරම් එකතු වුනා...පුංචි පංතියක පන්ති භාර ටීච කෙනෙක් වුන මට ඒ දරුවෝ එක්කයි ලොකු දරුවෝ එක්කයි ඉදලා දවස ගෙවෙන්නේ නිකන් පිස්සුවෙන් වගේ...ඇයි ඉතින් තනිකරම ලෙවල් දෙකක්නේ...

හැමදාම උදේ හය හමාර වෙද්දි ඉස්කෝලෙට යන මම තුන වෙද්දි ගෙදරට එන්නේ මගෙ පුංචි අකීව බලන්න ඕනි නිසා...උදේ පාන්දර දවල්ටත් එක්ක උයලා යන නිසා ගෙදර ආපු ගමන් වොශ් දාලා කරන්නේ මග ඇරුනු උදේ වරු⁣ව වෙනුවෙන් බබා එක්ක ඉන්න එක...මාස තුනක් වෙනකන් විහාන් පුළුවන් විදිහට බබා වෙනුවෙන් ගෙදර නතර වුන එක නම් ලොකු දෙයක්...ආ මේ සෙනසුරාදා ඩැනී සීයයි වනී සීයයි රට ඉදන් එනවා එයාලගේ මුණුබුරාගෙත් මුණුබුරා බලන්න...එයාලට එන්නම බැරි වුනානේ...විහාන්ගේ ඇමෙරිකා වල දාපු හොටෙල් එකේ වැඩත් එයා බලන්නේ මෙහේ ඉදන් නිසා එයාට මේ දවස් වල වැඩ වැඩි...එහේ හොටෙල් එකට අලුතින් කට්ටිය ගන්නවා කතාවක් කිව්වා ඒකට මහන්සි වෙනවා මේ ටිකේම...

අම්මලා ගැන කිව්වොත් අම්මයි තාත්තයි අපේ තාත්තයි කට්ටියම දැන් එකට භාවනා කරන්න එහෙමයනවා...ඒ කියලා පුතාව නම් අමතක කරලා නෑ...සතියට දවස් දෙකක්ම එයාලා භාවනා කරන්න යද්දි අනික් දවස් ටිකේම පුතා ළඟ...අම්මලා භාවනා කරන්න යද්දි ඉතින් පුතාව බලාගන්න නිශාන් අයියලගේ අම්මා එනවා...විහාන් එයාට කැබ් වල එන්න යන්න ⁣වියදම දෙන නිසාඅවුලක් නෑ...නිශාන් අයියලා නම් මේ වෙද්දි මැරි කරලා රට ගිහින් ඉන්නේ...ඉතින් නැන්දත් තනියම නිසා තමා නැන්දා අම්මලා නැති දවසට පුතාව බලාගන්න එන්නම් කිව්වේ...ඒකත් වටිනවා නොදන්න අය එක්ක පුතාව දාලා යන්න මමවත් විහාන්වත් කැමති නෑ...ඉතින් දන්න කෙනෙක් ඉන්න එක කොච්චර වටිනවද...අම්මලා භාවනා කරන්න යන්නේ බදාදා සිකුරාදා දව⁣ස් දෙකේ..ඉතින් අදත් එයාලා නෑ...ඒක නිසා උදේම විහාන් යන්න කලින් නිශාන් අයියලගේ අම්මා එන්න ඇති...මට ඉතින් එයා එනකන් ඉන්න විදිහක් නෑ ඉස්කෝලේ දුවන්න එපැයි....

|||ආදරෙයි මං පණ තරම්||| ✔️Where stories live. Discover now