🍁 19 🍁

1K 173 55
                                    

❦︎...ආදරෙයි මං පණ තරම්...❦︎

විහාන්වත් තුරුල් ⁣කරගෙන නින්ද ගියපු මට ඇහැරුනේ දොරට තට්ටු කරන සද්දයක් නිසා...එහෙම්ම මං විහාන් දිහා බලද්දි එයා තාමත් මගේ පපුවට වෙලා සුව නින්දක හිටියේ...ඒ මූණ එලිය වැටිලා...මගේ සුදු හූනා...

"විවේන් මල්ලි...විහාන්...උඹලා නිදිද..."

අහ් ඇවිත් තියෙන්නේ ශෙරෝන් අයියා...

"අයියේ මං නැගිටලා ඉන්නේ...සුදු අයියා නිදි...මං නැගිට්ටවගෙන එන්නම්..."

"හරි මල්ලි එකත් පහු වෙලානේ...එන්නකෝ...විහාන්⁣ගේ අම්මා කතා කරලා හැමෝටම ලන්ච් වලට එහෙ එන්න කිව්වා..."

"හා හරි අයියේ...අපි ඉක්මනට එන්නම්..."

අම්මා අපිට ලන්ච් එකට එහෙ එන්න කියලා...යන්නත් ලැජ්ජයි වගේ හැබැයි ඉතින්...නොගිහිනුත් බෑනේ...මේ දඩෝරියා මාව කයි...මං පාත් වෙලා විහාන්ගේ නලලට හාදුවක් තියලා විහාන්⁣ගේ මුළු මූණ පුරාම චුටී චුටී හාදු තියන්න ගත්තේ විහාන් කෙදිරි ගගාම මගේ පපුවට තව තව ගුලිවෙද්දි...අයිගෝ..පොඩි දරුවෙක් වගේ මෙයා නම්...

"සුදු අයියේ...නැගිටින්නකෝ පණ...එකත් පහු වෙලා..."

මං කොච්චර කතා කලත් එයා නෙවෙයි නැගිට්ටේ...කෙදිරි ගාගෙන තව ටිකක් උඩට ඇවිත් මගේ බෙල්ල අස්සෙන් මූණ තියාගෙන අල්ලගත්තේ ම⁣ගෙ කනක්...යසයි නේද වැඩේ...අවුරුදු විසි හතරක් දැන්...ඒත් බලපල්ලකෝ හුරතලේ හුම්...මගේ හූනු ටොපා...මං ආයේ විහාන්ට කතා නොකරම එහෙම ඉන්න දීලා කල්පනා කලේ තාත්තා මේක දැනගත්තම කොහොම රියැක්ට් කරයිද කියලා...

එයා කැමති වෙයිද අකමැති වෙයිද...ඒ මුකුත් හිතාගන්න අමාරුයි...අපේ තාත්තා හරිම සන්සුන් කෙනෙක්...හැබැයි කේන්ති ගියාම එයා තරම් යකෙක් තවත් නෑ...මේකට තාත්තා එකපාරින්ම අකමැති වුනොත්...එතෝට මට සුදු අයියව අතාරින්න වෙයිද...අනේ බෑ...මොන දේ වුනත් මට බෑ එයා නැතුව ඉන්න...මං ආදරෙයිනේ එයාට...එයා ⁣මගේ පණ...මං කවදාහරි මැරි කරන්නේ මගේ සුදු අයියව විතරයි...කාටවත්ම බෑ මගේ හිතේවත් ජීවිතේවත් එයාට තියන තැන ගන්න...තාත්තා අකමැති වුනොත් දවස ගානේ අඩලා හරි මං කොහොමහරි සුදු අයියව ඉල්ලගන්නවා...

|||ආදරෙයි මං පණ තරම්||| ✔️حيث تعيش القصص. اكتشف الآن