🍁 38 🍁

795 133 41
                                    

❦︎...ආදරෙයි මං පණ තරම්...❦︎

"ම්හුක්...සුදු අයියේහ්....නින්ද යන්නේ නෑනේ..."

"මට නිදිමතයි බබි...නිදාගනින්කෝ බන්..."

අපි ආයේම ගෙදර එද්දි රෑ එකොලහ විතර වෙලා...අපිව ගෙදරින් දාලා එයාලා යද්දි මං මූණත් දෙක කරගෙන තාත්තා එක්ක ගෙදරට ආවේ කම්මැලිකමේ...එනකන්ම එයාට තුරුල් වෙලා ඇවිල්ලා දැන් නිකන් ඉන්න බෑ බෑ වගේ අප්පා...වොශ් දාලා ඒම ඇදට එද්දි දොලහට විතර ඇති...එ් ආපු ගමන් මං අරයට කෝල් එකක් ගත්තේ පාළු නිසා...හැබැයි මං කෝල් එක ගද්දිත් ඒ මිනිහා නිදි....ඔය විහානයා ඔහොම්මයි...හුහ්....

"සුදු අයියේ...අපි බබාලා කීයක් හදනවද..."

"..........................."

"සුදු අයියේ....ම්හුක්...කතා කරපන්කෝ මිනියෝ...."

"..........................."

"සුදු අයියේ...සුදු අයියේ....සුදු අයියේ....සුදු අයියේ.....................හ්......."

"මොකද යකෝහ්..."

"ම්හුක්...කියන්නකෝ...බබාලා කීයක් හදනවද..."

"එකෙක්වත් හදන්නේ නෑ...උඹ වගේ තව දෙක තුනක් හැදුවොත් මගේ ඇටෙත් නැති වෙනවා මට..."

යෝහ් පෙනේද මේකා කියපු කතාව...ම්හුක්...මං වගේ උන් හිටියොත් නරකට හිටි...හහ්...

"අනේ මේ...මං නිසා මොනාවද තවුසෙට නැති වුනේ දේවල් ලැබුනා මිසක් හුම්..."

"ලැබුනා පුපක්...නැති වුනා නින්දක්..."

"හරි දැන් කියනවකෝ...තාසේට මට වඩා නින්ද ලොකුද...අහ්..."

"ම්...නිදිමතයි..."

"එහෙනම් නිදාගනින්...මෝඩ මිනිහා...තමුසෙගේ චූ පැටියව කුරපොත්තෙක් කාපන්...ඒස්වාහ් පුහඃ..."

මං කේන්තියෙන් ඒම කියලා තිබ්බේ විහාන් මොනාහරි කියන්න හදද්දි...මටෝන්නෑ අහන්න...මං තරහටම ඩේටත් ඕෆ් කරලා ෆෝන් එක චාර්ජ් එකට ගැහුවා...ඔය මිනිහා අද නෝමල් කෝල් ගන්නේ නෑ...සල්ලි ඉවරයිනේ...හුම්...ම්හුක්...නින්ද යන්නේ නෑනේ...කම්මැලි....හ්....අයියෝ...නිදිමත නැති නිසාම මං අැදේ පෙරලි පෙරලි හිටියේ කම්මැලිකමේ...විනාඩි පහක් විතර යනකොට ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දි මං ෆෝන් එක ගත්තේ කෝල් එක කාගෙන්ද බලන්න....සේව් කරලා නැති නම්බර් එකක් නිසා මේ රෑ කවුද කියලා හිත හිතම මං ආන්සර් කලා...වැදගත් දෙයක්ද දන්නේ නෑනේ...කෝල් එක ආන්සර් කරලා හෙලෝ කියන්නත් කලින් කතා කරපු කෙනා එක දිගටම දෙයක් කියාගෙන යද්දි මං හිටියේ මුකුත් හිතාගන්න බැරුව පුදුම වෙලා...මට ආයේම වචනයක් කියන්න නොදිම කෝල් එක කට් වෙද්දි තමා මං හරි සිහියට ආවේ...ඉක්මනට ආයේ ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තත් ෆෝන් එක ඕෆ් කියලා වැටෙද්දි මං කේන්තියෙන්ම ⁣ෆෝන් එක පැත්තකට දාලා ඇදේ ඉදගත්තේ නොසන්සුන්ව...එ මනුස්සා අන්තිමටත් මොනාහරි කියන්න හැදුවා...ඒත් ඒක කියන්න හම්බුනේ නෑ මං හිතන්නේ...මොන මඟුලක්ද එයා කිව්වේ...අනික එයාගේ කටහඬ අහලත් පුරුදුයි වගේ අප්පා...මට හිතාගන්න බැහැ දෙයියනේ මොකද්ද මේ වුනේ කියලා...හිත හිත ඉදලා හරියන්නේ නෑ...අයියට කතා කරනවා...මං ඉක්මනට ෆෝන් එක අරන් ඩේටා ඔන් කරලා විහාන්ට කෝල් එකක් ගත්තත් එයා ඩේටා ඕෆ් කරලා...කේන්තියෙන්ම ෆෝන් එක පැත්තකට දාලා මං හාන්සි වුනේ නිදාගන්න....හෙට උදේට තාත්තට කියනවා...

|||ආදරෙයි මං පණ තරම්||| ✔️Место, где живут истории. Откройте их для себя