EPISODE 23🖤

387 57 14
                                    

" ටේ බබා ඔයා කවුරු දිහාද බලන් ඉන්නෙ.."

කොල්ලගෙ අවධානෙ බිදුනෙ ලග හිටපු ගෑණු ළමයගෙ අත් තමන්ගෙ අත් එක්ක පැටලෙද්දි ..

යුන්ගි හාරු දිහා බලන් හිටියෙ වෙන කවුරුත් නෙමෙයි ටේහ්‍යුන් කොල්ලා බීච් එකට ආවෙ ගෑණු ළමයෙක් එක්ක සුපුරුදු ප්ලේබෝයි චරිතය රග දක්වන්න වුණත් අහම්බෙන් වගේ දැකපු මේ සිදුවීම ටේහ්‍යුන්ගෙ හදවත මොහොතකට නතර කරේ ඇයි කියන්න කොල්ලවත් දැනන් හිටියෙ නෑ...

" අහ්..මේ නෑ මුකුත් නෑ අපි යමු මට වැඩක් තියනවා .."

" මෙච්චර රෑ වෙලා ඔයාට තියන වැඩේ මොකද්ද බබා.."

කෙල්ල ඇගේ දැවටි දැවටි අහද්දි ටේහ්‍යුන්ට තරහ ගියා...

" මං එක පාරක් දෙයක් කිව්වහම අහන්න පුරුදු වෙන්න දැන් යමු..."

ටේහ්‍යුන්ගෙ හැටි දන්න නිසාම කෙල්ලත් මුකුත් නොකිය කොල්ලා පස්සෙන් ඇදුනෙ ඈත ඉන්න යුන්ගි හාරු දිහා සැරින් සැරේ බලන ගමන්මයි....

රෑ දොළහටත් කිට්ටු වෙන්න ලගයි කෙල්ලව එපාර්ට්මන්ට් එක ලගින් බස්සලා ටේහ්‍යුන් කල්පනාවෙම වාහනේ පදවන් ආවත් ගෙදර යන්න තරම් හිතක් තිබුණෙ නැති නිසා පුරුද්දට වගේ ක්ලබ් එකට ආවා.

කන පැලෙන්න තරම් දෝංකාර දෙන ඩිස්කො සංගීතයට අහුම්කන් දෙන ගමන් ඇගේ එල්ලෙන කෙල්ලොන්වත් අහකට තල්ලු කරන් ටේහ්‍යුන් බාර් එක පැත්තට ඇවිදන් එද්දි කොල්ලගෙ නෙත ගැටුනෙ දැකලා පුරුදු රූපයක්....

" ජිමිනා උබ...."

ඔව් ඒ හිටියෙ ජිමින් ටේබල් එකක වාඩි වෙලා වයින් වීදුරුවක් තොල ගාමින් හිටපු ජිමින්ට මේ වෙනකොටත් තමන්ගෙ හොද සිහිය නැති වෙලා කියලා තේරුම් ගන්න ටේහ්‍යුන්ට අමාරු වුණේ නෑ කොල්ලා අඩියට දෙකට ඒ ළගට ගිහින් ජිමින් අතේ තිබුණ වයින් ග්ලාස් එක උදුරලා ගත්තා...

" ජිමිනා මේ මොකද මේ කවදාවත් නැතුව උබගෙ මොලේ හොද නැතිවීගෙන එනවද මිනිහො පිස්සු නටන්න ලෑස්ති වෙන්න එපා.."

" යාහ්.....ත..මුසෙ...ක..වු.ද මාව අල්ල...න්න...එ....පා අතා..රිනවා....අහ් පො...ඩ්ඩ...ක් ඉන්..න ඇයි...ම...ට ඔයා...ව ම..ගෙ කොටි...යා වගේ පේ...න්නෙ නෑ..නෑ එ..යා මෙතන්..ට එන්....න විදි...හක් නෑ..."

💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]Where stories live. Discover now