EPISODE 24🖤

427 53 23
                                    

" අප්පා මං කිව්වා නේද මීඩියා ගෙන්නන්න එපා කියලා. යාහ් මගේ ඇස් දෙකට අමාරුයි මේ එළිය මොකද්ද මේ වෙන්නෙ....."

හාරු තරහෙන් කෑගැහුවා....

" දූ කෑගහන්න එපා පස්සෙ ඔයාට ඔක්කොම තේරුම් කරන්නම් මෙතන ගොඩක් අය ඉන්නවා ඒ නිසා හිනාවෙලා ලස්සනට ඉන්න ඕන තේරුණාද..."

මිස්ට පාක් කනට කරලා කියද්දි කෙල්ල කටවහන් හිටියා හාරුගෙ හිත හරිම කලබලයි අද පළවෙනි වතාවට පාක් හාරු මුළු ලෝකයක් ඉදිරියේ පෙනී සිටිනවා  පාක් ෆැමිලි එකෙන් ඈත් වෙලා ඔම්මත් එක්ක ඇමරිකාවෙ නිදහස් ජීවිතයක් ගත කරපු හරුට මේ දේවල් කොහෙත්ම පුරුදු දේවල් වුණේ නෑ....

ටික දුරක් ඉදිරියට ඇවිදන් යද්දි හාරුගෙ ඉදිරියට ආවෙ උදේ ඉදන් තමන් හොයපු රුව කෙල්ලගෙ ජීවිතේ වීරයා හැමදාමත් හාරුව අඩුවක් නැතුව තේරුම් ගත්ත හුරතල් කරපු තමන්ගෙ සහෝදරයා ජිමින්....

ටික දුරක් ඉදිරියට ඇවිදන් යද්දි හාරුගෙ ඉදිරියට ආවෙ උදේ ඉදන් තමන් හොයපු රුව කෙල්ලගෙ ජීවිතේ වීරයා හැමදාමත් හාරුව අඩුවක් නැතුව තේරුම් ගත්ත හුරතල් කරපු තමන්ගෙ සහෝදරයා ජිමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" රූ බබා..."

" ඔප්පා..."

අඩියට දෙකට හාරු ගාවට ආපු ජිමින් කෙල්ලව තුරුල් කරගත්තෙ ඇස් වල කදුළු පුරෝගෙන ජිමින්ට සතුටුයි වගේම දුකයි තමන් ලග හුරතල් වෙවී හිටපු පුංචි බෝනික්කි අද මනමාලියක් වෙලා ඒ වගේම තව කෙනෙක්ගෙ බිරිදක් වෙලා ගෙදරින් යන්න යනවා නොදැනුවත්වම ජිමින්ගෙ මුවින් ඉකියක් පිට වුණේ හාරුගෙ ඇස් වලත් කදුළු පුරෝලා....

" ඔ...ප්පා ... ප්ලී ...ස් අඩ..න්න එපා..."

පුංචි කෙල්ල ජිමින්ග පිට හිමින් පිරිමැද්දා ඒත් ජිමින් ලෑස්ති නෑ ඒක පිළිගන්න කොයිතරම් කැමති වුණත් තමන්ගෙ එකම සහෝදරී අද ඉදන් වෙන කෙනෙක්ගෙ අයිතියක් ජිමින්ගෙ හිත නොපිළිගත්තත් ඒක තමයි ඇත්ත....

💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]Where stories live. Discover now