EPISODE 27🖤

458 63 15
                                    

හාරු අහද්දි ජන්කුක් හාරුගෙ උරහිස් දෙකෙන් අල්ලලා කෙල්ලගෙ මූණට එබුනා...

" හ්‍යොන් හොදින් ඉන්නවා අනිවාරෙන් එයා එනවා ඔයාව බලන්න එතකන් ඉවසලා ඉන්න ඒ වගේම දැන් ඔයාට යුන්ගි හ්‍යොන් ගැන හිතනවට වඩා හිතන්න දේවල් ගොඩක් තියනවා මගේ ටේ හ්‍යොන්ව බලාගන්න රූ ඒ වගේම ඔයත් පරිස්සමින් ඉන්න..."

හාරුගෙ කොන්ඩෙ පොඩ්ඩක් අවුස්සලා හිනාවක් දාපු ජන්කුක් රූම් එකෙන් යන්න ගියෙ හිතේ ඇතිවෙලා තියන ප්‍රශ්නවලට හරි හැටි විසදුමක් නැතුව කෙල්ල ආයෙත් පාරක් තමන්ගෙ සිතුවිලි එක්ක තනිවෙද්දි....

මූණට වැටුන ඉර අව්වත් එක්කම හාරු හෙමින් හෙමින් ඇස් ඇරියෙ තාමත් නිදිමතට ඇස් පියවෙද්දි සුපුරුදු පරිදි කොට්ටෙත් බදාගෙන අනිත් පැත්ත හැරිලා නිදාගන්න හැදුවත් දැනුනු නුහුරු ගතිය නිසා ඇස් දෙක ඇරලා බලද්දි තමයි කෙල්ලට මතක් වුණේ තමන් දැන් මැරි කෙනෙක් කියලා....

" යහ් අටත් පහු වෙලා මං මෙච්චර වෙලා නිදාගත්තද ඔෆිස් යන්නත් පරක්කු වෙනවා..."

ඇදෙන් බිමට පැනලා රැක් එකේ එල්ලලා තුබුන ටවල් එකත් අරන් කෙල්ල වොශ් රූම් එකට දිව්වා....

උදේම ෆුල් සූට් එකෙන් සැරසිලා ටේහ්‍යුන් රූම් එකෙන් එළියට ආවත් ගේ ඇතුලෙ තුබුනෙ හරිම නිහඩ බවක් කලින් මේ නිහඩබව කොයිතරම් හුරු වුනත් දැන් නම් ටේහ්‍යුන්ට ජීහා නැති අඩුව ගොඩක් දැනුනා මොකද ජීහා කිම් මන්දිරේට ආපු දවසෙ ඉදන් ටේහ්‍යුන් උදේට මුලින්ම දකින්නෙ ජීහා නූනා ලස්සනට හිනා වෙවී කිචන් එකේ කෑම හදන සිදුවීම නිසා....

" නූනා හිටියනම් කියලා හිතෙන්නෙ මේ වෙලාවට තමයි  ..."

ලොකු හුස්මක් පාත දාපු ටේහ්‍යුන් හාරුගෙ රූම් එක පැත්තට ඇවිදන් ගියා...

ඩොක්..💥💥 ඩොක්...💥💥

" හාරු ඔයා ඉන්නවද..."

කොච්චර තට්ටු කරත් කිසිම ප්‍රතිචාරයක් නැති තැන ඕන මගුලක් කියලා ටේහ්‍යුන් දොර ඇරන් ඇතුළට ගියා. ඒත් කෙල්ල රූම් එකේ පේන්නවත් හිටියෙ නෑ...

" ආශ් වොශ් රූම් එකේ වෙන්න ඇති..."

ටයි එකත් හද හද හාරුගෙ රූම් එකේ තිබුණ විශාල කන්නාඩිය ලගට ගිහින් තමන්ගෙ කොණ්ඩෙ අතින් හද හද ඉද්දි එකපාරට බාත්රූම් එකේ ඇරුනු දොරෙන් හාරු එළියට ආවෙ මොහොතකට ටේහ්‍යුන්ගෙ ඇස් කෙල්ලගෙ රුව ලග නතර කරලා.....

💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]Où les histoires vivent. Découvrez maintenant