Chapter 3

274 81 73
                                    

දෙවියනේ මෙතන තියන දර ගොඩ!!!

ජිමින් හීල්ලුවේ ඒ රූම් එක පුරාම ගොඩ ගහන් ඉන්න දර කන්දරාව දැකලා! මුලු කැලෑවකම ගස් වල දර එතන තියන්න ඇති කියලා එයාට විශ්වාසයි!

කව්ද දෙයියනේ මේවා එකතු කරන පිස්සා! අනිවාර්යයෙන් මගේ කොස්සත් මෙතන ඇත්තේ! අ..අනේ මං ඒක හොයාගන්නෙ කොහොමද!? ආයේ ඒක අල්ලලා මගේ ආද්‍යාත්මික ශක්තිය ඒකට යොමු කරනකල් ඒක ආයෙම කොස්සක් වෙන්නෑනේ! දෙවියනේ මොකක්ද මේ උනු විකාර වැඩේ!!!

රූම් එක පුරාම තියන ලක්ශ ගනනින් දර කෝටු දිහා බලන ගමන් ජිමින් කෑගගහා දැගලුවේ අත පය විසි කර කර! එයාගේ මූන බෙරි වෙලා කම්මුල් රතු වෙලා තිබ්බේ තරහටමයි! ඒ උනත් ඒත් එක්කම එයාට ගොරෝසු කටහඩක් එක්ක මොනවා හරි දෙයක් මහා සද්දෙට පුපුරලා යනවා ඇහෙද්දි ඒත් එක්කම පුංචි මායාකාරිට දැනුනේ තවත් දුර්වල මායා ශක්තියක්!

ඉතින් චූටි ජිමින් එයාගේ රෝස කකුල් ඒ සීතල ලී පොලවේ තියන ගමන් කිසිම සද්දයක් නොකරම ඇවිදන් ගියේ ඒ සද්දේ ආව දිහාට!

ආහ් ෆක්!!! ඒකත් වැඩක් නැති උනා!!! මෝඩ කිම් ටේහ්‍යුන්ග් තමුන් හැමදේම එකසිය තුන්වෙනි වතාවටත් අව්ල් කරගත්තා!!!!!

හිමීන් රූම් එකේම එක පැත්තකට ඇවිදන් ගියපු ජිමින් ඒ රූම් එකේම තියන රූම් එක ලග නැවතිලා ඒකේ ඇරුනු දොරෙන් ඒ රූම් එක ඇතුලට බෙල්ල විතරක් දැම්මේ ඇස් බෝල කරන්!

එතකොට එයා දැක්කේ පුපුරලා ගිය ලොකු මැජික් පොට් එකක්! ඒකේ පුරවලා තිබුනු මැජික් පෝශ්න් එකක් හැම තැනම විසිරිලා ගිහින්! ඒ මදිවට දුමෙන් වගේම අමුතු ගදකින් ඒ තැන පිරිලා ගිහින්! ලස්සන විදිහට දිලිසිලා අන්තිමට දියසෙවල වගේ උනු පෝශ්න් එක දිහා ජිමින් ඇද කරගත්තු මූනෙන් බලන් හිටියා! 'මොනාද එයා ඒ කරන්න ගිහින් තියෙන්නෙ!?' තමන්ගෙන්ම අහගත්තු ජිමින් ඇස් රෝල් කරලා හිමි හිමින් බිම ඉදගෙන ඔලුව බදාගෙන ඉන්න කොල්ලා දිහාවට ගෑටුවා!

𝘽𝙇𝘼𝘾𝙆 𝙒𝙄𝙏𝘾𝙃 (𝙫𝙢𝙞𝙣) ✔Where stories live. Discover now