Chapter 11

218 75 94
                                    

උද්දච්ච මායාකාරි හිටියේ සෝෆා එකේ හරි බරි ගැහිලා වාඩි වෙලා! එයා එයාගේ බෝල කකුලක් එයාගේ අනිත් කකුල උඩින් දාගෙන වයින් එකක් තොල ගාන ගමන් ආඩම්බර කමින් දිලිසෙන ඇස් වලින් එයාගේ ඉස්සරහා ඉන්න ටේහ්‍යුන්ග් දිහා බලන් ඉන්නවා!

ඒ උනාට ඉතින් අපේ ටේහ්‍යුන්ග් නම් හිටියේ මූනත් රවාගෙන එපා වෙච්චි පාටකින්! එයා හිත ඇතුලින් එයාටම බැන ගන්න ගමන් හිටියේ මොට්ට මායාකාරිගේ මැජික් කොස්ස එයා ලග උනු එකට!

මෙතන මොකක් වෙනවා වෙන්න ඇත්ද? මෙන්න මේකයි උනේ! මීට දවස් තුනකට කලින් ටේහ්‍යුන්ග් එයාගේ බලයන් ලබාගත්තා වගේම එයාලා ඒ බලයන් මොනාද කියලත් හෙව්වා!

එකක් ටේහ්‍යුන්ග්ට පාවෙන්න පුලුවන් ශක්තියක් ලැබුනා! අනිත් දේ එයාට ජිමින් එක්ක අදහස් මනසින් හුවමාරු කරගන්න පුලුවන් කමක් ලැබුනා! ඒ උනත් ඒ දේ ඇත්තටම සාර්තක ඒ දෙන්නා අතර විතරයි!

එතකොට තුන්වෙනි බලේ ගැන ගත්තොත් ටේහ්‍යුන්ග්ට පුලුවන් දේවල් දේවල් වෙනස් කරන්න! හරියට බෝලයක් තිබ්බොත් ඒක බැට් එකක් කරන්න වගේ! හැබැයි ඒ දේ සාර්තක වෙන්නෙත් පොඩි දේවල් වලට! ඒ කියන්නේ එයාට බෑ ලොකු ලොකු දේවල් වෙන දේවල් වලට හරවන්න!

හතරවෙනි බලේ තමයි එයාට පුලුවන් කෙනෙක් එයාට බැන්නොත් ඒ දේ අහන්න!

අන්තිම එක වගේම පුංචි මායාකාරිට වැඩියෙන්ම වැදගත් උනු දේ තමයි ටේහ්‍යුන්ග්ට දේවල් අල්ලලා බලලා ඒවගේ ගුන කියන්න පුලුවන් උනු එක!

මං හිතන්නේ ඒක නම් අපේ පුංචි මායාකාරිගේ වාසනාවටම ටේහ්‍යුන්ග්ට ලැබුනු එකක්!

ඉතින් දැන් එයා දවස් තුනක් තිස්සේ ටේහ්‍යුන්ග් දුක් විද විද කෝටු ගොඩ අල්ලලා ඒක ඇත්තටම කෝට්ටක්ද නැත්තන් ඒ දෙයින් එයාට වෙන මැජික් වල බලයක් දැනෙනවද කියලා හොයනවා!

මං නම් කියන්නේ පුංචි මායාකාරිට වරදක් වෙලා නෑ දවසක් වැඩියෙන් ටේහ්‍යුන්ග්ට උදව් කලයි කියලා!

ජිමිනී!!!! මං කියන්නේ අපි බෙදාගෙන හොයමු ම්ම්? මට විශ්වාසයි තියෙන්නේ මේ ටිකේ කියන්න! අනේ ජිමිනි මට උදව් කරන්නකෝ! ඇරත් මේ ඔයාගෙම දෙයක්නේ!!

ටේහ්‍යුන්ග් කෙදිරිගාන ගමන් එතනම බිම වාඩි උනේ නහයෙක් හුස්මක් පිබලා!

මං කිව්වා ටේහ්‍යුන්ග්! මේ ඔයාගේ අවස්තාව! අනික ඔයාට ඕනේ උනේ බලයන් නේ! ඒ ලැබුන බලේ අරගෙන මට උදව් කරලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න! ඔයාගේ යුතුකම ඉටු කරන්න!

මායාකාරි කියලා එතනින් නැගිටලා පැද්දි පැද්දි යන්න ගත්තේ එයාට වයින් ටිකක් දාන් එන්න! නෑ නෑ එයා ලෑස්ති නෑ ටේහ්‍යුන්ග්ට විවේකයක් දෙන්න! එයා නපුරුයි කියලා මං ස්තිර කරනවා!

යා ජිමීන්!!!!! ඔයා වදයක්!!!!!!!

ටේහ්‍යුන්ග් කෑගහද්දි එයාට ඇහුනා ජිමින් හිමි හිමින් මුමුනනවා! ඒත් එක්කම එයාගේ දිහාවට පුංචි මී මැස්සෙක් එනවා දැකපු ටේහ්‍යුන්ග් මී මැස්සා තමන් ලගට එන්න කලින් දුවන්න ගත්තේ කෑගහන ගමන්! එයාට ඇහුනා මායාකාරිගේ නපුරු කටහඩ!

මගේ බීබි ඔයා ගැන බලාගනියි මොට්ට ටේහ්‍යුන්ග්!!!

යා!!!! මං තමුන්ව කනවා ජිමින්!!!!!!!!

අහිංසක ටේහ්‍යුන්ග්ගේ පස්ස ගැන වගකියන්න ඇත්තටම මං දන්නෑ! මොකද බීබි කියන්නෙත් මායාකාරි වගේම පුංචි නපුරෙක්! එයා දන්නෙත් මායාකාරි අන දුන්නු විදිහටම එයාගේ හතුරගේ පස්සට අනින්න විතරමයි!

අහිංසක ටේහ්‍යුන්ග්ගේ පස්ස ගැන වගකියන්න ඇත්තටම මං දන්නෑ! මොකද බීබි කියන්නෙත් මායාකාරි වගේම පුංචි නපුරෙක්! එයා දන්නෙත් මායාකාරි අන දුන්නු විදිහටම එයාගේ හතුරගේ පස්සට අනින්න විතරමයි!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලව'ස් එකටත් වඩා මේ පොත මට සැහැල්ලුවක්! ඇයි දන්නෑ මං මේකට හරි ආසයි! මං දන්නවා මේක විකාරයක් ඒත් මහන්සි දවසට සැනසීමක්!

ඊටත් වඩා ඔයාලාගේ ආදරනීය කතා, ආදරනීය ඔයාලව මට සැනසීමක්! ඉතින් ඒකමයි මං මට පුලුවන් විදිහට ඔයාලව හොයන් එන්නේ! මං හරි ආදරෙයි ඔයාලට ඔයාලා හිතනවටත් වඩා! මොකද ඔයාලාගේ සමහර පොඩි පොඩි දේවල්, වචන මාව හිතාගන්න බැරි විදිහට සනසවනවා! හුගාක් ස්තූතියි ඔයාලට! ආයෙම සැරයක්... මං ආදරෙයි! ❤️

හොදට නිදාගන්න! ❤️

~Soohi1993

𝘽𝙇𝘼𝘾𝙆 𝙒𝙄𝙏𝘾𝙃 (𝙫𝙢𝙞𝙣) ✔Where stories live. Discover now