Chapter 14

229 77 59
                                    

ජිමිනා ඔයා තැන තැන නිදාගන්න එක නවත්තන්න ඕනි! මට බයයි ඔයා ඔහොම යන යන තැන නිදාගනිද්දි!

ටේහ්‍යුන්ග් කිව්වෙ වොශෲම් එකේ සින්ක් බේසින් එකට බරවෙලා බ්‍රශ් එකත් කටේ ගහන්ම නින්ද ගිහින් ඉන්න ජිමින් ලගට ගිහින් ජිමින්ව එයාගේ ඇගට බර කරගෙන ඒ චූටි කට හෝදවලා බ්‍රශ් එක හෝල්ඩ' එකෙන් රදවන ගමන්!

ඔලුවත් පැත්තට කඩා වැටිලා හිටගෙනම නිදන් ඉන්න ජිමින්ව ඒ කොන්දෙනුයි කකුල් යටිනුයි අත යවලා වඩාගෙන රූම් එකට එන ගමන් ටේහ්‍යුන්ග් දැන් සතියක විතර ඉදන් හරි ඉක්මනින් ඕනෙම තැනකදි නින්දට වැටෙන පුංචි මායාකාරි ගැන කල්පනා කලා!

ජිමිනා මේ අහන්න! ඔයාට අසනීපයක්ද මට බයයි ඔයා ඔහොම නිදාගනිද්දි!

ටේහ්‍යුන්ග් නින්දේ ඉන්න පුංචි මායාකාරිගේ රෝස ගැහුනු කම්මුල් සිනිදුවට අතගාන ගමන් ඇහුවා!

ඒම නෑහ්~

පුංචි බෝල මායාකාරි නින්දෙන්ම මුමුනන ගමන් එයා ලග වාඩිවෙලා ඉන්න ටේහ්‍යුන්ගේ ඉන වටේ අත් යවලා එයාව බදාගන්න ගමන් මිමිනුවා!

ටේහ්‍යුන්ග් සද්ද නැතුවම එයාගේ උකුලේ ඔලුව තියන් බෝල තොල් අතරින් දිලිසෙන කෙල බේරිලා එද්දි හොදට දොයියන් ඉන්න පුංචි මායාකාරිගේ ඔලුව සිනිදුවට අතගෑවා!

නින්දෙ ගිලිලා ඉන්න මායාකාරිගේ මූනේ හැම අගලක් නෑරම ටේහ්‍යුන්ගේ ඇස් වලට අහුවෙද්දි ටේහ්‍යුන්ග් දැක්කා අදත් ඒ බතල කෙල පෙගුන තොල් නින්දෙන්ම හෙලවෙනවා! ඒවා උනුසුම් හිනාවකින් පිරිලා ගිහිල්ලා!

අනිවාර්යයෙන්ම එයා එයාගේ සුරදූත බබාලව බලනවා!

ටේහ්‍යුන්ග් එයාටම හිමින් කොදුරගත්තේ ඊලගට එයා හරියි කියන්න වගේ ජිමින්ගේ බතල තොල් සුරදූත බබාලා ගැන මුමුනන්න ගනිද්දියි!

ජිමිනා ඔයත් හරියට සුරදූත බබෙක් වගේ! මට එන්න එන්නම ලෝබ හිතෙනවා!

𝘽𝙇𝘼𝘾𝙆 𝙒𝙄𝙏𝘾𝙃 (𝙫𝙢𝙞𝙣) ✔Where stories live. Discover now