Chapter 10

234 76 93
                                    

උපරිම කරන්න ටේහ්‍යුන්ග්! මේ අන්තිම ටික!

පුංචි මායාකාරි ඒ රෝස පතුල් උස්සලා ඇගිලි වලින් හිටගන්න ගමන් කියෙව්වේ සතුටේ! මුලින් අකමැති උනාට මොකෝ එයා දැන් මේ දේ සාර්තක වෙනකල් පුදුම සතුටකින් ඉන්නේ! ඒ සතුටම අපේ පුංචි උද්දච්ච මායාකාරිට අමතක කරලා එයාලාගේ ගිවිසුමේ තිබුනේ සතිය ගෙවිලා දැනටමත් දවසක් ගිහින් කියලා!

මායා පොත අතට ගත්තු ටේහ්‍යුන්ග් එයාගේ ඇස් වලට දාලා තියන කන්නාඩි දෙක ඇගිල්ලෙන් උඩට තල්ලු කරලා ලොකු හුස්මක් ඇදලා අරන් ඒ හිත සන්සුන් කරගනිද්දි එයාට දැනුනා මායාකාරිගේ පොඩි බෝල අත එයාගේ පිටට තට්ටුවක් දානවා!

ඉතින් තමන් ගැනම විශ්වාසෙන් තොල් අතර හිනාවක් ඇදගත්තු ටේහ්‍යුන්ග් ඒ පොත අතට තද කරන ගමන් ඒ වචන දිගේ ඇස් අරන් ගියා!

ස්පෙරා ඉන් මජිකා එත් හික් එස්!

වචනෙන් වචනේ ටේහ්‍යුන්ග්ගේ ගැබුරු හඩ හරිම පැහැදිලිව මුමුනද්දි ජිමින් සතුටින් පිරිලා ඒ දිහා බලන් හිටියා!

ලා කහ පාටකට තිබුනු පෝශන් එකේ මතු වෙලා තිබුනු බුබුලු පුපුරලා යනවා එයාලට පෙනෙද්දි එයාලා බලාපොරොත්තු වලින් දිලිසෙන ඇස් එක්ක ඒ දිහා බලන් හිටියා!

ඉස්සරහට යන්න ටේහ්‍යුන්ග්!

ජිමින් හීනි හඩින් මුමුනද්දි ටේහ්‍යුන්ග් ඉස්සරහට අඩි තිබ්බේ පෝශන් එකෙන් හීනි මැජික් බලයක් දිස්නේ දෙමින් උඩට නගිනවා දකිද්දි!

ඒ උනත් ටේහ්‍යුන්ග්ගේ මූන හිස් වෙලා ගියේ ඒ උඩට නැගුනු මැජික් බලයන් එහෙමම පෝශන් එක තුල ගිලිලා යනවා දැකලයි!

විනාඩියක් විතරම හිස් බැල්මෙන් පෝශන් එක දිහා බලන් හිටිය ටේහ්‍යුන්ග් කකුල් පස්සට අදින ගමන් එහෙමම ජිමින් දිහාවට හැරෙන්න හැදුවේ ඒ බලාපොරොත්තු සේරම බිදිලා යද්දියි! එයාට දැනුනා ඒ එක්කම පුංචි මායාකාරිගේ ආදරනීය උනුහුම එයාව වහගන්නවා! එයාට සැනසීමක් දැනුනා! තාමත් එයාගේ මායාකාරි එයාගේ පැත්තෙන් හිටන් ඉන්නවා!

𝘽𝙇𝘼𝘾𝙆 𝙒𝙄𝙏𝘾𝙃 (𝙫𝙢𝙞𝙣) ✔Where stories live. Discover now