Chapter 16

230 73 90
                                    

ටේහ්‍යුන්ග් හිටියේ එයාගේ පුංචි බඩගින්නට කන්න දෙයක් හොයන් කිචන් එකට යන ගමන්! ඒ උනත් සෝෆා එකේ වාඩිවෙලා කොන්දට අතකුත් තියාගෙන මහන්සියෙන් වගේ වේගෙන් වේගෙන් හුස්ම අදින පුංචි මායාකාරිව දැක්කම එයා ඇස් බෝල ලොකු කරන් මායාකාරි දිහාවට හැරුනා! එයා දැක්කා ඒ සිනිදු කොන්ඩේ මායාකාරිගේ නලලට ඇලිලා තියෙන හැටි!

ජිමිනා!? මොකක් හරි අමාරුවක්ද!? ජිමිනා!? මොකද මේ ඔයා සුදුමැලි වෙලානේ!? ජිමිනි! ජිමිනි කෝ කතාකරන්න! මට කියන්න මොකක්ද තියෙන අමාරුව ආහ්!?

කලබලෙන් ගිහින් පුංචි මායාකාරි ලගින් වාඩි උන ටේහ්‍යුන්ග් ජිමින්ගේ පපුව අතගාන ගමන් ඇහුවා! ටේහ්‍යුන්ගේ ඇස් වල කලබල උනු ගතිය, වද වෙන ගතිය පිරිලා ගිහිල්ලා!

මං..මං හොදින් ටේහ්‍යුන්ග්! අ..අද ටිකක් ඇගට අමාරුයි මටහ්!

පුංචි මායාකාරි ජිමින් අපහසුවෙන් හුස්ම අදින ගමන් කියද්දි ටේහ්‍යුන්ග් එයාගේ අනිත් අත ජිමින්ගේ සිනිදු කොන්දට යවලා අතගාන්න ගත්තා!

මේ දවස් හතරේ ඔයා හොදට හිටියනේ ජිමිනා! මට බයයි ඔයා අපහසුවෙන් ඉද්දි! අනික ඔයා මායාකාරියක්! ඔයාට ඕනි බෙහෙත් ගැන වත් අපි දන්නෑ ජිමිනා!

ටේහ්‍යුන්ග් එයාගේ පුංචි මායාකාරි ගැන හුගක් වද වෙන කෙනෙක් කියලා ඒ අහපු විදිහෙන්ම තේරුනා! එයා හරි පරිස්සමට පුංචි මායාකාරිව අතගාන ගමන් එයාට සැනසීමක් වෙන්න හදනවා!

මගේ බංඩියේ සුරදූත බබාට ඉඩ මදි ඇති! එ..ඒ නිසා එයා එයාගේ ගෙදර ලොකු කරගන්න හදනවා ඇති! ලගදිනේ එයා මගේ බංඩි ගෙදරට ආවේ..ඒකයි අමාරු!

𝘽𝙇𝘼𝘾𝙆 𝙒𝙄𝙏𝘾𝙃 (𝙫𝙢𝙞𝙣) ✔Where stories live. Discover now