PART 2

635 91 13
                                    

Next Day morning @collage

ජන්ග්කුක් කොලේජ් එකේ ගේට්ටුව ගාවට වෙලා දැන් විනාඩි 10ක් තිස්සෙ බලන් ඉන්නවා ජිමින් එනකම්...ඒත් ජිමින්ගේ සේයාවක්වත් පේන්න නෑ තාම..

"ආයිශ්,මේ කොට ජිමිනා මොන මඟුලක් කරනවද මන්දා..කියවන්නෙ නම් කොහොමද..වෙලාවට වැඩ කරන්න යැයි යැයි තමා ඉතින්..."

ජන්ග්කුක් හිතින් මුමුණමින් කොලේජ් එකේ ගේට්ටුව අසල බිත්තියට පිට දී පාරෙ යන වාහන ගණන් කරන්න පටන්ගත්තෙ කම්මැලි හිතුණ නිසා..

"ආ කොල්ලා..හරි හරි බනින්නෝනි නෑ..මම ටිකක් පරක්කු උනා තමා..ඒත් මම සමාව ඉල්ලන්නෙ නෑ..මොකද හැමදාම මමනෙ මේ කට්ට කෑවේ..."

ජිමින් ජන්ග්කුක්ගෙ ඉස්සරහට කොහෙන්දෝ ඉදන් කඩන්පාත් උනා..ජන්ග්කුක් ජිමින්ව ඈත ඉදන්ම දැක්කෙ නැත්තෙ ජන්ග්කුක් වාහනවල සිහියෙන් හිටපු හින්දා....

"චිමී..ඔයා එතකොට හිතලමද පරක්කු උනේ..හරි නරකයි.."

ජන්ග්කුක් ජිමින් දෙසට මඳ රැවීමක් පා කරලා එලෙස පැවසුවා...

"මම හිතලා නෙමෙයි මෝඩ හාවෝ පරක්කු උනේ..උදේ නැගිටින්න පරක්කු උනා..හරි හරි අපි පස්සෙ කියවමු..යමු ඉස්කෝලේ ඇතුලට...බෙල් එක ගහයි නැත්තම්.."

ඉතින් උදේ වරුවම ජිමින් හා ජන්ග්කුක්ට හුස්මක් කටක් ගන්නට නොහැකි වුනේ අවසාන විභාගය නිසා කොලේජ් එකේ ගුරුවරුන් දිගින් දිගටම ඉගැන්වීම් කටයුතු කල හෙයිනි...

පාසලේ විවේක කාල සීනුව නාද වුනේ පන්තියේ සෑම ළමයෙක්ම සැනසුම් සුසුම් හෙලමින්..

" හරි ළමයි,මම දුන්න ප්‍රශ්න වලට උත්තර හෙට ලියාගෙන එන්න..ඔයාලා හැමෝම දන්නවනේ...ඔයාලාගෙ ෆයිනල් එක්සෑම් එකේ ටොප් ටෙන්ලට සෝල් යුනිවර්සිටි එකේ ශිෂ්‍යත්ව හම්බ වෙනවා කියලා..ඉතින් ඒකට ඔයාලා මහන්සි වෙලා වැඩ කරන්න..තව හරියටම මාස දෙකයි තියෙන්නෙ..ඔයාලගෙ දෙමව්පියන්ගෙ හීන,ඔයාලගෙ හීන සාර්තක කරගන්න හම්බ වෙන ලොකු අවස්තාවක් මේක..ඒ නිසා වැඩ වලට අවදානය යොමු කරන්න...."

ජන්ග්කුක්ගේ පන්තියේ ගුරුවරයා එලෙස පවසා පන්තියෙන් නික්ම ගියා...

You Belong To Meᵀᴷ (Ongoing)Where stories live. Discover now