PART 10

486 84 31
                                    

ටේහ්‍යොන් හිටියෙ ගොඩක් කේන්තියෙන්...ටේහ්‍යොන් හරි සිහියෙන් හිටිය නම් කවදාවත් විශ්ව විද්‍යාල සිසුවෙක්ට අත උස්සන්න තියා හිතන්නෙවත් නෑ..ජන්ග්කුක් නිසා පලවෙනි පාරට ටේහ්‍යොන් තමන්ගෙ සීමාව ඉක්මෙව්වා..ජන්ග්කුක් නිසා පලවෙනි පාරට ටේහ්‍යොන් කැම්පස් එකෙ සිසුවෙක්ට අත ඉස්සුවා..බෝගම්ට විතරක් නෙමෙයි ටේහ්‍යොන් ජන්ග්කුක්ටත් අත ඉස්සුවා...ටේහ්‍යොන්ට තමන්ගෙ කේන්තිය පාලනය කරගන්න බැරිවුනා...එදා පලවෙනි පාරට බෝගම් එක්ක ප්‍රශ්නෙ ඇති වෙච්ච වෙලාවෙ ජන්කුක් හැඩීම ටේහ්‍යොන්ගෙ කේන්තිය පාලනේ කරන්න සමත්වුනා..ඒත් අද...ටේහ්‍යොන්ගෙ ඔළුවෙ තිබ්බෙ බෝගම් ජන්කුක්ගෙ අත අල්ලන් හිටපු එක විතරමයි...ටේහ්‍යොන්ට ඕනි වුනේ නෑ ජන්කුක්ගෙන් එහෙම වෙන්න හේතු කාරණා විමසන්න..ටේහ්‍යොන් ජන්කුක්ගෙ අතින් ඇදන් නාන කාමරේට යද්දිත් ටේහ්‍යොන්ගෙ ඔළුවෙ මැවි මැවී පෙනුනේ බෝගම් ජන්ග්කුක්ගෙ අතින් අල්ලන් හිටපු එක විතරමයි...

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ අතින් ඇදන් කෙලින්ම ඇවිත් ජන්ග්කුක්ගෙ අත් දෙකම සින්ක් එකේ ටැප් එකට අල්ලලා අත තදින් අතුල්ලන්න ගත්තේ ජන්ග්කුක් ඉකිගහන මධ්‍යයේමයි...ඊටපස්සෙ එතන තිබ්බ සබන් කැටෙන් ආයිත් අත් දෙක හොඳට අතුල්ලලා ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ අත් වතුරට ඇල්ලුවා..තාමත් ටේහ්‍යොන්ගෙ ඇස් රතු වෙලා..ටේහ්‍යොන්ගෙ බෙල්ලෙ නහර ඉලිප්පෙනවා කේන්තියට..ටේහ්‍යොන් තාමත් දත්මිටි කනවා...

"ඌ තව කොහෙන්ද උබේ ඇල්ලුවේ.."

ජන්ග්කුක්ගෙ අත් දෙක හොඳට හේදුවට පස්සෙ ටේහ්‍යොන් තමන්ගෙ කෝපයෙන් රතු වෙච්ච ඇස් ජන්ග්කුක් දෙසට යොමු කලාම ජන්ග්කුක් පස්සෙන් පස්සට යන්න ගත්තෙ බය වැඩිකමට..ජන්ග්කුක් අද ටේහ්‍යොන්ට සෑහෙන්න බයවුනා..ජන්ග්කුක්ට මේ දේවල් පුරුදු නෑ..ටේහ්‍යොන් මෙහෙම හැසිරෙන්න බෝගම් ජන්ග්කුක්ගෙ අත ඇල්ලුවා කියන පොඩි දේට..මේ වගේ පුංචි දේකට ඇයි ටේහ්‍යොන් මෙහෙම හැසිරෙන්නෙ...ජන්ග්කුක්ගෙ ඔළුවට දාහක් දේවල් ආවත් ජන්ග්කුක්ට හරි සිහියක් තිබ්බෙ නෑ..ටේහ්‍යොන්ගෙ රතු ඇස් දකිද්දී ජන්ග්කුක්ට තමන්ගෙ ආත්මය ඇතුලතින් දැවෙනවා වගේ දැනුනේ..ඒ තරම් ඒ ඇස් පුදුම කේන්තියකින් පිරිලා...

You Belong To Meᵀᴷ (Ongoing)Onde as histórias ganham vida. Descobre agora