PART 22

618 80 11
                                    

ටේහ්‍යොන්ගෙ මැන්ශන් එකට එන්න විනාඩි පහලවකට කලින් ජන්ග්කුක් ඇහැරුනේ ලොකු ඈනුමක් යවන ගමන්...ටේහ්‍යොන් ඉයර් බඩ් දෙකත් කනේ ගහන් ලාවට සින්දුවකුත් මුමුණ මුමුණ ඩ්‍රයිව් කරනවා ජන්ග්කුක් දැක්කෙ නිදිබර දෑසින්...

"හ්‍යුන්ගී.."

ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ ඇඟට බරවෙලා කතාකරද්දී ටේහ්‍යොන් ෆෝන් එකේ ප්ලේ වෙවී තිබ්බ සින්දුව ඕෆ් කලා..

"බේබි නැගිට්ටද..තව විනාඩි දහයක් වගේ යන්නෙ මැණික ගෙදර යන්න..වොශ් එකක් දාලා කාලා ආයිත් නිදාගමු..ම්ම්.."

ටේහ්‍යොන් ඩ්‍රයිව් කරන ගමන්ම ජන්ග්කුක්ගෙ ඔඩොක්කුවෙ තිබ්බ අතකුත් මිරිකලා ජන්ග්කුක්ගෙ නළලටත් හාදුවක් දීලා එහෙම කිව්වම ජන්ග්කුක් ටේහ්‍යොන් දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථ සහගත මූණකින්...

"හ්‍යුන්ගී..මම හොස්ටල් එකට යන්නෙ නැද්ද එතකොට.."

"ම්හ්.."

ටේහ්‍යොන් ජන්ග්කුක් දිහා බලලා ඇහැකුත් ගහලා හිමීට මුමුණලා එහෙම කිව්වම ජන්ග්කුක් ටේහ්‍යොන්ට ලාවට රැවුමක් පා කලා..

"මම එනකම් ජිමින් බලන් ඇති..."

ජන්ග්කුක් හිත යටින් සතුටු වෙවී වුනත් ටේහ්‍යොන්ට නෝක්කාඩුවකින් වගේ එහෙම කිව්වම ටේහ්‍යොන් එයාගෙ ඇහිබැම ඇකිලෙව්වා...

"මම ජිමින්ට කිව්වා අද මගෙ ඒන්ජල් මාත් එක්ක ඉන්නෙ කියලා..."

ටේහ්‍යොන් ලස්සන හිනාවකින් මුව සරසගෙන එහෙම කියද්දී ජන්ග්කුක් තමන්ගෙ අතකින් ටේහ්‍යොන්ගෙ කම්මුලක් තද කරලා ඇද්දේ ටේහ්‍යොන්ට රිද්දන්න කියලා හිතන්...

"මගෙන් අහන්නෙවත් නෑ දැන් මුකුත්..ඔක්කොම තනියෙන් තීරණෙ කරන්නෙ.."

ජන්ග්කුක් ටේහ්‍යොන්ට රවාගෙනම එහෙම කියද්දී ටේහ්‍යොන් කලේ කටකොනින් හිනා වුනු එක...

"බිකෝස් බේබි යූ බිලෝන්ග් ටු මී..යූ බිලෝන්ග් ටු ඔන්ලි මී..."

සුළු මොහොතකින් ටේහ්‍යොන්ගෙ කාර් එක මැන්ෂන් එකට ඇතුළු වුවත් මොහොතකින් ජන්ග්කුක්ගෙ නිදිබර දෑස් යොමුවුනේ මිදුලේ නවත්තලා තිබ්බ තවත් කාර් එකකට...

You've reached the end of published parts.

⏰ Last updated: Aug 13, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

You Belong To Meᵀᴷ (Ongoing)Where stories live. Discover now