PART 13

451 78 19
                                    

"ඒන්ජල් ඔච්චර බලන්නෝනි නෑ...මම කොහොමත් ඔයාගෙ තමා..අනික මම දන්නවා මං ගොඩක් හැන්ඩ්සම් කියලා.."

ටේහ්‍යොන් කට කොනකට හිනාවක් අරන් එහෙම කිව්වෙ ජන්ග්කුක් තත්පර 30කට පස්සෙත් ටේහ්‍යොන්ගෙ දිලිසෙන ඇස් දිහා එකදිගටම බලන් හිටිය නිසා...ටේහ්‍යොන්ගෙ හඬින් පියවි සිහියට ආපු ජන්ග්කුක් ටේහ්‍යොන් දිහා ඇස් හීනි කරලා බලලා රවලා අහක බලාගත්තේ හිතට දැනුනු සියුම් ලැජ්ජාවත් එක්කමයි...

"අනේ මට වෙන වැඩ නෑනේ එක එක්කෙනා දිහා බලන් ඉන්න.."

ජන්ග්කුක් අහක බලාගෙන හිමීට එහෙම මිමිණුවත් ජන්ග්කුක් අහක බලන් ඉන්න අතරේ ජන්ග්කුක් ළඟට ආපු ටේහ්‍යොන්ට ඒක හොඳට ඇහුණා...

"මොකද තනියම කුටු කුටු ගාන්නේ..."

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ නිකටින් අල්ලලා තමන්ගෙ මූණ පැත්තට ජන්ග්කුක්ගෙ මූණ හරවලා අහද්දී ජන්ග්කුක් ටිකක් ගැස්සුනා..ඒත් ඊළඟ තත්පරේදී ජන්ග්කුක් බෑග් එකට අතදාලා ටේහ්‍යොන් දාපු සොරි කාඩ් එක එලියට ගත්තා..

"මේ මොකක්ද.."

ජන්ග්කුක් තමන්ගෙ අතේ තිබ්බ කාඩ් එක ටේහ්‍යොන්ගෙ මූණ ඉස්සරහට කරලා උස්සලා පෙන්නුවා...

"ආහ්..මදැයි..කණ්ණාඩි දාන්න වෙන වයිෆ් කෙනෙක්ද දෙවියො මට හොයලා දුන්නේ..ඔච්චරටම ඇස් පේන්නෙ නැද්ද බේබි ඔය මොකක්ද කියලා.."

ටේහ්‍යොන් හිනාවෙවී එහෙම කියන ගමන් ජන්ග්කුක් ගාව තිබ්බ පුටුවෙන් වාඩි වුනා..

"ප්‍රොෆෙසර් ටේහ්‍යොන්..පලවෙනි එක මම ඔයාගෙ වයිෆ් නෙමෙයි..දෙවෙනි එක මම දන්නවා මේ මොකක්ද කියලා..මම අහන්නෙ ඇයි මේක මගෙ බෑග් එකට දැම්මෙ කියලා.."

ජන්ග්කුක් ටේහ්‍යොන්ට රව රව තොල් උල් කර කර එහෙම කියද්දී ටේහ්‍යොන්ගෙ අවදානෙ තිබ්බෙ ජන්ග්කුක් කිව්ව දේවල් වලට නෙමෙයි..ජන්ග්කුක් එකදිගට කියවන් යද්දී වේගෙන් වේගෙන් හෙලෙවෙන ජන්ග්කුක්ගෙ ලා රෝස පාට තොල් ගාව...

ටේහ්‍යොන් එකපාරටම ජන්ග්කුක්ගෙ අතින් අල්ලලා තමන්ගෙ ඔඩොක්කුවට ඇදලා ගනිද්දී ජන්ග්කුක් පරඩැලක් වගේ ටේහ්‍යොන් අතින් ඇදපු දිහාවට ඇදිලා ගිහින් ටේහ්‍යොන්ගෙ විසල් පපුවට තද වුනේ ටේහ්‍යොන් එහෙම දෙයක් කරයි කියලා හීනෙකින්වත් හිතුවෙ නැති නිසා...

You Belong To Meᵀᴷ (Ongoing)Where stories live. Discover now