•පළමුවැනි කොටස☪️☸️

88 13 16
                                    


   ජීවිතයට ආදරයක් අවශ්‍යයයි,නමුත් එය අවශ්‍යය වන්නේ අපටයි. එය එසේ වෙද්දීත් ඇයි අපට යෝජනා විවාහ ක්‍රමයක් උවමනා?

ජීවිතේට නොදැකපු දෙදෙනෙක් එකතු කරන්න හදන, අපේ සතුට ගැන නොසිතන දෙමාපියන්ගෙන් ඇති ඵලය කුමක්ද?

අපව කුඩා කළ සිට මේ දක්වාම  හදාවඩා ගත්තා තමයි. ඒත් ඔවුන්ගේ කැමැත්තට අපගේ ජීවිතය හසුරුවන්න ඔවුන්ට අයිතියක් නැහැ නේද?

මීට,
ලක්ෂි
10.08.1999

.
.
.
.
.
.
.
.

මා නමින් දුලන්‍යා ලක්ෂි වික්‍රමසිංහ.
අවුරුදු විසිපහක් වන තරුණියකි. පවුලේ වැඩිමලාද මම මං විය. එනිසා ගෙදරින් මට වැඩි සැලකිල්ලක් දක්වයි මෙන්ම නීතී මාලාවක් ද පිළිපැදීමට මට සිදු විය.

මට සිටින්නේ සහෝදරියක් පමණී.. ඇය නමින් තනුල්‍යා වික්‍රමසිංහ. ඈට වයස විසිතුනකි.

එසේම මේ ප්‍රශ්න සේරම ඔහු මාගේ දිවියට ආ පසුය..
ඔහු මොහොම්මඩ් රිෆාන් අයියාර්ෂ් ය.
වයස අවුරුදු විසිහයකි. වෘත්තීමය ගුරුවරයෙක්ය..
අපේ ආදර කතාවට මෙතරම් ගැටළු ඇති වන්නෙ ඔහු අන්‍යාගමිකයෙක් වීමයි.

ආගම් දෙකක් එක් විය නොහැකි ද? අප බුදුරජාණන් වහන්සේ විසින් කෙදිනකවත් එවැන්නක් දේශනා කර නොමැත. එතුමා පැවසුවේ, "සියල්ලන්ට ම එකම සිතින් මෛත්‍රී කරන" ලෙසයි. එහෙත් මේ සිදු වන්නේ එයද? එයද බුදුන් දෙසුවේ? දැන් සිටින බහුතරයක් බෞද්ධ ජනයා බෞද්ධ වන්නේ නමට පමණි..

කරන්න පුළුවන් ඔක්කොම කරලා ඇවිත් බවත් අහනවා. තව හැම පෝයටම සිල් සමාදනුත් වෙනවා,ඒත් සිල් පවාරණය වෙලා ගෙදර එන ගමනුත් කේළම් කිය කිය තමා එන්නේ..

එතන කොහිද බුදුන් වහන්සේ දෙසූ බණ?
මම හදවතින්ම බෞද්ධයෙක්මි. එහෙත් මාගේ සහකරු අන්‍යාගමිකයෙක් ලෙසට දෛවය විසින් ලියා ඇත්නම්, මා කුමක් කරන්නද?

මා ඔහුට සමඟ ආලයෙන් නොබැඳුනානම් අද මෙවන් කරදර කිසිවක් ඇති නොවී.. අප ජීවිතය සැහැල්ලුවෙන් ගත කිරීමට හැකි වේ.

මතු සම්බන්ධයි!

ඔන්න සූට්ටන් එකක් හොදෙ..
මේකේ තියන්නෙ මගෙ අදහස, ඒක ඔයාලට සෙට් වෙන එකක් නෑ..
ඒත් මං මේ කියන්නෙ ඇත්ත.
මම ලියන්නේ මට ඕනි විදිහට ඔයාලට සෙට් නැත්තන් කියවන්න එපා. අනික බනින්න ඕන නම් එළිපිට බනින්න. සීක්‍රට් මැසේජ් නොදා😅

අද සමාජයේ ගොඩක් ආදර සබඳතා
ආගම් නිසා නැති වෙලා තියෙනවා.
ආ නැද්ද?

එහෙනම් මට වෙලාවක් හම්බ උනා ගමන් මං ආයෙ එන්නම්🍃

ආදරෙයි හැමෝටම❤️

අසම්මතය...!☪️👩‍❤️‍👨☸️Where stories live. Discover now