•සිව්වැනි කොටස☪️☸️

27 7 13
                                    

[Lakshi's pov]

ටික වෙලාවකින් තාත්තා ආයෙම ආවා.
.
.
"ලොකු දූ... ඔයාට තෝරා ගැනීම් දෙකයි.
එක්කෝ දෙමාපියන්, නැත්තන් නල්ලමලේ කොල්ලා.
හොදට හිතලා බලලා උත්තර දෙන්න ම්ම්ම්..." තාත්තා කියල යන්න හදනකොට මං නංගී ආයෙ කතා කරන්න හදනකොට තාත්තා එයාටත් සැර කරල ගියා.
එයා යන්න හදන කොටම මම තාත්තාව නතර කර ගත්තා.

"තාත්තේ මම කවදාවත් ම ගෙදරින් පිට යන්නේ නෑ. මට සමාවෙන්න ඔයාගෙ නම්බුවට හානි උනානම්. එයා බෞද්ධ උනානම් මෙහෙම වෙන්නේ නෑනේ ද?
හා හා නමක් නෑ. නවත්තන්න නෙ කියන්නෙ මම නවත්තන්නම් ම්ම්ම්..."

මම තාත්තාටත් කියලා එහෙමම කාමරේට ඇවිත් දොර ලොක් කර ගත්තා. හිත හැදෙනකන් ඇඬුවා.

තමන්ගේ ජීවිතේ වටිනාම දේවල් වලින් එකක් තෝර ගන්න කිව්වම මම මොකක්ද කරන්නේ?

මගේ දුක හරි බරයි. දරා ගන්න බැරි තරමටම. ඒත් මොකක් කරන්නද මනුස්සත්වය දුකක් ම වෙනකොට.
අවසානය මේ වගේ කියලා දැන දැන ආදරේ කරත්. ඒකට මුහුණ දෙන විදිය ගැන අපි දෙන්නම හිතුවේ නැහැ.

එයාට මාව බලාගන්න පුළුවන් ආදායමක් තිබ්බත් අපේ ආගමේ අයට වගේ එයාට මාව එයාගේ කර ගන්න බැහැ.
මම එයාට ආදරෙයි නොසෑහෙන්න❤️
ඒත් අපි පටන් ගත්තෙම මේ ගැන දැන ගෙන.

කල්පනා ලෝකේ හිටිය මාව මේ ලෝකෙට ආවේ එයාගෙ තොල් එකකින්,

"හෙලෝ මැණික!"

"ලක්ෂි ඔයාගේ ගෙදර අය කැමති නෑ නේද ම්ම්... " හඬමින්....
" ම්මට ඔයා නැතුව බෑ ව්වස්තුව🥺 ඒ වගේම මට ඔයාට වගේ දරා ගන්න බැරි වග ඔයා දන්නවා... මට කියන්න මැණික ඔයා තෝර ගන්නේ මාවද?
ඒක එහෙමනම් ඒක කවදාවත් කරන්න එපා. මොකද අපි පොඩි කාලේ ඉදන්ම උස් මහත් කර ඒ අම්මට තාත්තට දුකක් දෙන්න එපා ර්රත්තරන් "

"එතකොට ඔයා කියන්නේ ඔයාව අමතක කරන්න කියලද අයියේ ආහ්"
අඬමින් " අපේ අවසානය මොකද අයියේ
ම් මට ම්මුකුත් හ්හිතාගන්න බෑ අය්ය්යඑහ්🥺"

"නෑ මැණික මේ අපේ අවසානය නෙමෙයි. මතු ආත්මයක මම ඔයාගෙමයි මැණික, ම්ම්ම් දැන් නාඬා ඉන්න මැණික..❤️
ඒ වගේම මට පොරොන්දු වෙන්න ඊළඟ ආත්මයේත් ඔයා මගේමයි කියලා ම්ම්...😭 ඒ ආත්මෙදි වත් අපි එක්වෙමු මැණික. මම නෑ කියල දුක් නොවී, හොද කෙනෙක් එක්ක ජීවිතේ ඉදිරියට යන්න පණහ්. ම්මම ඔය්යාට ගොඩක් අාදරෙයි වස්තුව❤️ පරිස්සමින් ඉන්න මැණික ❤️" හඬමින්😭😭😭😭

අසම්මතය...!☪️👩‍❤️‍👨☸️Where stories live. Discover now