•දෙවැනි කොටස ☪️☸️

64 11 39
                                    

අතීතයට....(වසරක් පමණ)

"ඒයි රිෆාන් වරෙන් බං" රිෆාන් මිතුරෙක් වන සසිත් ඇමතීය.

"ඇයි බං නෑ ගහන්නේ, නා ගන්නවත් නෑ හරියට" රිෆාන් ඔරවමින් පැවසීය.

"අනෙ මගුලෝ මං එන්න කිව්වේ අබේ ආලවතී ඇවිත් කියන්න නැතුව උබ එක්ක #කන්න නෙමෙයි හු##" සසිත් මද කේන්ති ස්වරූපයකින් කීය.

සසිත් කඩයක් කරගෙන යන මුදලාලි කෙනෙක්ය.. මම මෙහේ ඉදන් තමා ඉස්කෝලෙට උගන්නන්න යන්නේ..
ඉතින් මගේ හිත ගත්තු ලක්ෂි ගැන මාත් දන්නවා..
      එය පැමිණියා කීවිට මා එදෙස බැලීය.. විනාඩියක පමණ කාලයකින් ඇය මා අසලින් නඩයට ඇතුළු වූ විට මා සිහියට පැමිණියේ ය.

"අයියෙ මෙන්න මේ බඩු ටික දෙන්නකෝ" ඇගේ සොයුරිය කීය..

"අක්කේ අදවත් කතා කරන්න හලො. පව් අසරණයා. දැන් ඔය ගිය අවුරුද්දේ ඉදන් නේද පස්සෙන් එන්නේ" තනුල්‍යා කියවන්න ගියා ය. එවිට ලක්ෂි හට කේන්ති ගිය බවක් පෙනිණ.

"අනේ මේ මගෙන් මුකුත් අර ගන්න එපා, අනික ඕවා කෙරෙන මගුල් නෙමෙයි..  මං මේ අවුරුද්දට එයාට කැමති වෙන්න ඕන නම්, අර අවුරුදු අටක් තිස්සේ ඔයයි පස්සේ එන දිනුත් මල්ලිට කැමති වෙයන්" ඇයට කී වචනයෙන්ම ලක්ෂි නංගීට ප්‍රතිප්‍රහාර එල්ල කරා ය.
එය දෙස බලා සිටි මා ඔවුන් වෙතට ගියේ ය.

"ඉතින් නංගි  තාම මාව විශ්වාස නැද්ද ඔයාට?" මා විමසීය.

"...............නංගී ඔයා ගිහින් බඩු ටික ඉක්මනට ගන්න,යන්න පරක්කු වෙනවා" ඇය අදත් ප්‍රශ්නය පහසුවෙන් ම මඟ හැරීය.
ඇයගේ නංගී ඈට රවමින් නඩයට ගියා ය.

"මම දන්නවා මැණික ඔයා මට ආදරෙයි, ඒ වගේම ඒ ගැන කියන්න බයයි කියලා " මා කීය.

"අනේ මේ ඔයාට විකාරද ආහ්, එහෙම එකක් නැහැ" ඇය තිගැස්සුණු නමුත් එසේ නොපෙන්වමින් කීය.

"එහෙනම් මගේ ඇස් දිහා බලන් කියන්න 'මම ඔයාට ආදරේ කරන්නෙ නෑ' කියලා" අද කෙසේ හෝ අහගන්න ඕනි නිසා මා මද දුක්මුසු මුහුණක් පෙන්වමින් ඇසීය.

අසම්මතය...!☪️👩‍❤️‍👨☸️Where stories live. Discover now