nine

902 208 42
                                    

මාසයක් විතර සාමාන්‍ය ගතවෙලා තිබුනා... ටේහ්‍යොන්ග්, ජන්කුක් මේ සති තුන ඇතුලේ සුගාගේ උදව්වෙන් හන්බින්ට හොරෙන් කීප සැරයක්ම මුණ ගැහුනා... හන්බින් හිතාගන්න බැරි විදියට වෙනස් වෙලා හිටියා... ඒකට හේතුවක් ටේහ්‍යොන්ග්ටවත් තාම හොයාගන්න බැරිවුනා... මොකද හන්බින් සාමාන්‍ය විදියට බිස්නස් වැඩ, ජිප්සීස්ලාගේ වැඩ කරගෙන හිටියා...

ඩේමන්, හන්බින්ගේ Half-brother වුනාට, තවම ඒ දෙන්නා මුණ ගැහුනේ නෑ කියලා ටේහ්‍යොන්ග් විස්වාස කරා... ඒ නිසා ජන්කුක්ගේ හරි ID එක හන්බින් තවම දැන ගන්න විදියක් නෑ...

ටේහ්‍යොන්ග් ඊලග මිශන් එකට ගෑන්ග් එක එක්ක ලෑස්ති වෙන ගමන් හිටියා... ජන්කුක් ආයේ පරණ විදියට illustrate වැඩ පටන් ගත්තා... හන්බින් ඒකට ජන්කුක්ට අවසර දුන්නා... ඒ විදියට ජන්කුක් නිතරම ටේහ්‍යොන්ග්ගේ ගෙදර යන්න පුරුදු වෙලා හිටියා... මේ දවස් වල හන්බින් බිස්නස් වැඩ වලට ගොඩක් බිසි වෙලා හිටිය නිසා ජන්කුක් ගැන හොයන්න ඇත්තටම වෙලාවක් තිබුනේ නෑ... ජන්කුක් ඒ හැමදේකින්ම ප්‍රයෝජන ගත්තා...

ජන්කුක් හන්බින් එක්ක බිස්නස් වැඩකට Miami ඇවිත් හිටියා... දවස් තුනක ඉදන් ටේහ්‍යොන්ග්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නැති නිසා ජන්කුක්ට පිස්සු හැදිලා වගේ හිටියා... සුගා ඊයේ ප්‍රයිවට් ප්‍රශ්නයක් කියලා හන්බින්ගෙන් දවස් 5ක නිවාඩුවක් අරගෙන තිබුනා... සුගාගෙන් ටේහ්‍යොන්ග් ගැන කිසිම දෙයක් දැනගන්න බැරි වුන නිසා ජන්කුක් සුගා එක්ක කේන්ති අරගෙන හිටියා... ඊයේ යන්න කලින් සුගාගේ ෆෝන් එක ඉල්ලුවත් සුගා ජන්කුක්ව මග ඇරියා...

ජන්කුක් රූම් එකේ එහාට මෙහාට ඇවිද්දා... මොන හේතුවක් නිසා හරි මේ වෙලාවේ ජන්කුක්ට ටේහ්‍යොන්ග්ගේ ගැඹුරු කටහඩ අහන්න ඕනම වෙලා තිබුනා... යටිතොල හපාගෙන ජන්කුක් කරන්න පුලුවන් දෙයක් හිතුවා... හන්බින් ජන්කුක්ගේ ෆෝන් එක පොලොවේ ගහලා කුඩු කරාට පස්සේ, ජන්කුක් අලුත් ෆෝන් එකක් උනන්දු වුනේ නෑ... සුගා නිතරම ලගින් හිටිය නිසා... "ආර්‍ර්ග්ග්ග්" ජන්කුක් කොණ්ඩේ ඇද ගත්තා... ජන්කුක්ගේ ඇග ඇතුලෙන් අමුතු නොසන්සුන්කමක් දැනුනා... ටේහ්‍යොන්ග්ව මේ මොහොතේ ඕනමයි වගේ හැගීමක්... ඒත් ටේහ්‍යොන්ග් කොහෙද කියලා ජන්කුක් දැනගෙන හිටියේ නෑ... ජන්කුක් ඇස් පිල්ලම් ගහලා රූම් එකෙන් එලියට දිව්වා...

my dandelion ||vkook||Where stories live. Discover now