thirteen

1K 219 56
                                    

ජන්කුක් හෙලවෙන්නේ නැතුව එහෙමම ගුලි වෙලා හිටියා... හෙවනැල්ල ටික ටික ජන්කුක්ගේ ඇද ලගටම ආවම ජන්කුක් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා... හෙවනැල්ල ලගටම ඇවිත් ජන්කුක්ගේ මුලු ඇගම වහා ගත්තම ජන්කුක් ඇස් තද කරලා වහා ගත්තා... "ඩෝලී" ජන්කුක්ගේ දිග ඇස් පිහාටු ගැහුනා... ඒ කටහඩ, ඒ සුවද,

"මේ මම ඩෝලී" ලොකු අල්ලකින් ජන්කුක්ගේ සිනිදු කම්මුල අල්ල ගත්ත ටේහ්‍යොන්ග් හරිම හිමින් කතා කරා... ජන්කුක් හුස්ම ගන්න වේගේ වැඩි වුනා... ටේහ්‍යොන්ග් ජන්කුක් ලග බිම දණගැහුවා... "ඩෝලී ප්ලීස් කතා කරන්න" ජන්කුක් ඔලුව උස්සලා බැලුවා... "ප්ලීස්"

"ඔ-ඔයා ආයේ ය්-යනවද? ම්-මාව දාලා" ජන්කුක් කැඩුන වචන වලින් කතා කරා... ටේහ්‍යොන්ග්ගේ පපුවට අමුතු දුකක් දැනුනා... "ඔහ් ගෝඩ් මයි ලව්" ටේහ්‍යොන්ග් ජන්කුක්ව බදාගත්තා... ජන්කුක් එහෙමම ගුලි වෙලා හිටියා... "ආයේ යන්නේ නෑ ලව්, ඔයාව මාත් එක්ක අරගෙන යන්න මම ආවේ" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ පපුවෙන් ඔලුව තිබ්බා... ටේහ්‍යොන්ග් ජන්කුක්ව උස්සලා ලැප් එකට අරගෙන බිම වාඩිවුනා...

"ඔයා හොදින් හිටියද ටේහ්‍යොන්ග්?" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ මූණ අත් දෙකට අරගෙන ඒ මූණ දිහා හොදට බැලුවා... ටේහ්‍යොන්ග්ගේ මූණේ තැනින් තැන තවමත් හොද නොවුන කැළැල් තිබුනා... සමහර කැළැල් වේලිලා තිබුනා... "ඔයා හොදින් නෑ හ්‍යොන්ග්" ජන්කුක්ගේ ඇස් වලට කදුලු පිරුනා... "හ්‍යොන්ග් හොදින් ලව්, හ්‍යොන්ග් දැන් හොදටම හොදින්, මගේ ඩෝලී ආයේ මගේ අත් වල, මට වෙන මොනවද ඕන ම්ම්" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ නළල කිස් කරා... ජන්කුක් ඇස් වහගෙන ටේහ්‍යොන්ග්ගේ පපුවෙන් ඔලුව තිබ්බා... ඒත් එකපාරටම දෙයක් මතක් වෙලා ජන්කුක් කලබල වුනා... ටේහ්‍යොන්ග් ඊට වැඩිය කලබල වුනා...

ජන්කුක් ටේහ්‍යොන්ග් ගෙන් ඈත් වෙන්න හැදුවා... "ඩෝලී මොකද වුනේ" ටේහ්‍යොන්ග් රූම් එකේ දොර දිහා බැලුවා... ජන්කුක් අත් දෙකෙන් බඩ වහා ගත්තා... ටේහ්‍යොන්ග් බලාගෙන හිටියා... "ඩෝලී?"

"ඔයා-ඔයා කිව්වා බබාව එ-එපා කියලා" ජන්කුක් හිමින් කතා කරාම ටේහ්‍යොන්ග් ජන්කුක්ව පපුවට තද කර ගත්තා... "සමාවෙන්න ඩෝලී, අහ් ඒ වෙලාවේ මම හිටියේ මොනවත් හිතාගන්න බැරි තත්වෙක, Hyung is sorry baby"

my dandelion ||vkook||Where stories live. Discover now