twenty one

764 173 18
                                    

ටේහ්‍යොන්ග් ෆැමිලි එක එක්ක ටේහ්‍යොන්ග් අලුතෙන් ගත්ත ප්‍රයිවට් ගාඩන් එකට ආවා... කලින් හිස් ඉඩමක් වුනාට, දැන් ජන්කුක්ට ඕන විදියට ජන්කුක් කැමතිම මල් වර්ග, ගස් වර්ග ගාඩන් එකේ පිරිලා තිබුනා... ජන්කුක්ගේ ගිය පාර බර්ත්ඩේ එකට ටේහ්‍යොන්ග් ගෙන් ලැබුන ගිෆ්ට් එක මේ ගාඩන් එක... ජන්කුක් නිතරම මේ ගාඩන් එකට පුරුදු වෙලා හිටියා... සමහර වෙලාවට ටේහ්‍යොන්ග්, රියානා එක්ක එන්නත්, ගොඩක් වෙලාවට තනියම ඇවිත් චිත්‍ර අදින්නත් ජන්කුක් පුරුදු වෙලා හිටියා...

තණකොළ පිට්ටනියේ අයිනක ජන්කුක් ඉදගෙන හිටියා... ටේහ්‍යොන්ග් රියානයි, ගෝල්ඩි එක්ක මාළු ටැංකියේ මාළුන්ට කෑම දාදා හයියෙන් හිනා වෙවී හිටියා... ජන්කුක් බඩට අතක් තියාගෙන ගෝල්ඩි රියානගේ වටේම කැරකෙන දිහා බලාගෙන හිනාවුනා...

ටිකකින් ජන්කුක් පික්නික් බෑග් එකෙන්, ශීට් එක අරගෙන බිම එලලා, එන ගමන් බේකරි එකෙන් අරගෙන ආව පේස්ට්‍රිස් ශීට් එක උඩින් තිබ්බා... "ටේ, රියා, එන්න පේස්ට්‍රිස් රෙඩි" ජන්කුක් කෑගහලා කිව්වම, අතේ තිබ්බ මාළු කෑම ඔක්කොම ටැංකියට දාලා ටේහ්‍යොන්ග් රියාගේ අතින් අල්ලගෙන ජන්කුක් ඉන්න තැනට ආවා... ගෝල්ඩි ඒ පස්සෙන් දුවගෙන ඇවිත් ජන්කුක්ගේ උකුලට පැන්නා... "Oh my cute thing" ජන්කුක් ගෝල්ඩිගේ කන අතගෑවා...

"මම් මම?" ටේහ්‍යොන්ග් රියානව උකුලෙන් තියාගෙන ඉදගත්තා... "My baby is the cutest" ජන්කුක් රියානට flying kiss එකක් දුන්නා... රියානා තොල් උල් කරලා ජන්කුක්ට flying kiss එකක් දුන්නා... ටේහ්‍යොන්ග් දෙන්නගෙම හුරතලේ දිහා බලාගෙන කප්කේක් එකක් අතට අරගෙන රියානට කන්න උදව් කරා...

"ලව් මට තව ටිකකින් බිස්නස් වැඩකට යන්න වෙනවා, එන්න ටිකක් රෑ වෙනවා ජිමින්ට එන්න කියනවද?" ටේහ්‍යොන්ග් කොෆී කප් එකක් අතට අරගෙන ජන්කුක් දිහා බැලුවා... ජන්කුක්ගේ මූණ වෙනස් වුනා... "වෙන දවසක යන්න බැරිද ටේ, ප්ලීස් අද නැතුව"

"ඒක ඕනම බිස්නස් වැඩක් ලව්, කල් දාන්න බෑ මම ගොඩක් රෑ වෙන්නේ නැතුව ගෙදර එන්න ට්‍රයි කරන්නම් ඕකේ" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොලේ ගෑවුන ක්‍රීම් පිහිදුවා... ජන්කුක් තොල් උල් කරගෙන කප්කේක් ලොකු කෑල්ලක් හපලා ගත්තා... ජන්කුක්ගේ කම්මුල පැත්තක් පිම්බුනාම ටේහ්‍යොන්ග් නැවිලා ජන්කුක්ගේ කම්මුල කිස් කරා... "ලව් යු"

my dandelion ||vkook||Where stories live. Discover now