twenty five

760 145 24
                                    




ජන්කුක් ප්ලේ රූම් එකේ රියානව උකුලෙන් තියාගෙන බිම ඉදගෙන හිටියා... ස්කූල් ගිහින් ගෙදර ආව වෙලාවේ ඉදන් අද රියානා ඇක්ටිව් වෙලා හිටියා... පැය දෙකක් විතර එක දිගට ජන්කුක්ට හෙල්ලෙන්නවත් නොදී රියානා ජන්කුක් එක්ක සෙල්ලම් කරා... සෙල්ලම් කරලා මහන්සි වැඩි කමට රියානට එහෙමම ජන්කුක්ගේ උකුලේ නින්ද ගියා... රියානා ජන්කුක්ගේ 7 months ප්‍රෙග්නට් බඩ පුංචි අත් වලින් බදාගෙන හිටියා... ජන්කුක් රියානගේ සිනිදු කොණ්ඩේ අතගාන ගමන් රියානගේ රෝසපාට චබී කම්මුල් දිහා බැලුවා...

"Mm my chubby cutie pie" ජන්කුක් රියානගේ කම්මුල හිමින් අතගෑවා... රියානගේ දිග, ඝන ඇස් පිහාටු කම්මුල් මත තිබුනා... සමහර වෙලාවට රියානගේ කියුට්, ලස්සනට ඇත්තටම ජන්කුක්ට රියානව මිරිකලා කන්න හිතුනා... රියානට ටේහ්‍යොන්ග්ගේ වගේම ඝන ඇහිබැම තිබුනා... ටේහ්‍යොන්ග්ගේ හිනාව ඒ විදියටම, නූනගේ කොළපාට ඇස්, තඹපාට කොණ්ඩේ ඒ විදියටම, ජන්කුක්ගේ sassy attitude ඒ විදියටම තිබුනා...

"මම ඔයාව මිරිකලා කනවා" ජන්කුක් ඇගිලි දෙකකින් හිමින් රියානගේ කම්මුල මිරිකුවා... රියානා කෙදිරිගාලා, පුංචි අතින් කම්මුල අතගෑවා... ජන්කුක් හිනාවෙලා රියානගේ ඔලුව උකුලෙන් අයින් කරලා, පිට හේත්තු කරගෙන හිටිය සෝෆා එකෙන් කොට්ටයක් අරගෙන රියානගේ ඔලුව යටින් තිබ්බා... රියානා එකපාරටම අත් දිග ඇරියම ජන්කුක් තව කොට්ටයක් අරගෙන රියානගේ ඇගට තුරුලු කරා... රියානටත් ඩෑඩ් වගේම නිදාගන්නකොට, මම්ව හරි කොට්ටයක් හරි බදාගන්න ඕනමයි.. ගෝල්ඩි හිමින් ඇවිත් රියානගේ කොට්ටේ අයිනෙන් ඔලුව තියාගෙන ඇස් වහාගත්තා... "ඕමෝ මයි කියුට් බේබි බෝයි" ජන්කුක් ගෝල්ඩිගේ පිට අතගෑවා... රියානා එක්ක නටලා, රියානා තරම්ම ගෝල්ඩිත් මහන්සි වෙලා හිටියා...

රියානා හිමින් කොට්ටේ බදා ගත්තම, ජන්කුක් බඩ අල්ලගෙන අමාරුවෙන් නැගිට්ටා... රියානවයි, ගෝල්ඩිවයි fluffy blanket එකෙන් පොරවලා, රියානා බිම රග් එක උඩ නිදාගෙන ඉන්න නිසා බය වෙන්න දෙයක් නැති නිසා ජන්කුක් ප්ලේ රූම් එකේ දොර ඇරලා තියලා, කිචන් එකට ගියා...

වෙලාව 5 විතර වෙලා තිබුනා... ස්කූල් එකෙන් ආව වෙලාවේ ඉදන් සෙල්ලම් කරපු නිසා රියානා ලන්ච් එක ස්කිප් කරා... දැන් නැගිට්ට ගමන් කෑම හොයන නිසා ජන්කුක් රියානගේ ෆේවරීට් හදන්න ෆ්‍රිජ් එකෙන් බඩු එලියට ගත්තා...

my dandelion ||vkook||Where stories live. Discover now