twenty four

720 164 14
                                    

ටේහ්‍යොන්ග් ප්‍රයිවට් රූම් එකේ දොර ඇරගෙන හිමින් ඇතුලට ගියා... ජන්කුක් ඇදේ නිදාගෙන හිටියා... ජන්කුක්ගේ ඔලුව වටේ bandaid එකකින් ඔතලා තිබුනා... ටේහ්‍යොන්ග් ගිහින් ඇද ලග හිටගෙන ජන්කුක්ගේ අතින් ඇල්ලුවා... ජන්කුක් ඇස් පොඩි කරලා හිමින් ඇස් ඇරියා...

"ලව්" ටේහ්‍යොන්ග් හිනාවුනා... ජන්කුක් ටේහ්‍යොන්ග්ව දැකලා, එකපාරටම නැගිටින්න හැදුවා... "ලව් හිමින්" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ උරහිස් වලින් ඇල්ලුවා... "ට්-ටේ" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ අත අල්ලගෙන අත කිස් කරා... ටේහ්‍යොන්ග් හිනාවුනා... "ට්-ටේ ඒ-ඒ ජ්-ජොනී" ජන්කුක් කැඩුන වචන වලින් ඇස් ලොකු කරගෙන කතා කරා... "ඔ-ඔයා- ඔයා හොදින් නේද? ර්-‍රියා හොදින්ද?? අපේ-අපේ බබා" ජන්කුක් අනිත් අත බඩ උඩින් තිබ්බා...

"රිලැක්ස් ලව්, අපි ඔක්කොම හොදින්, හැමදේම හොදින්" ටේහ්‍යොන්ග් ජන්කුක්ව පපුවට තුරුලු කරගත්තා... "ඔයා හොදින්ද? කොහෙහරි රිදෙනවද?"

"ට්-ටේහ්‍යොන්ග්, එයා-එයා හ්-හන්, අපිව හ්-හොයාගෙන" ජන්කුක් බයෙන් කතා කරා... "ම්-මට බ්-බයයි, හ්-හ්‍යොන්ග් මට-මට රියාව ලගට ගෙනත් දෙන්න, ඔයා කොහෙවත් යන්න එපා ප්-ප්ලීස්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ජැකට් එකෙන් තද කරලා, අල්ලගෙන බෙල්ල නවලා, ටේහ්‍යොන්ග්ගේ මූණ දිහා බැලුවා... ජන්කුක්ගේ ඇස් වලින් කදුලු ගලන්න පටන් ගත්තා... ටේහ්‍යොන්ග් යටිතොල හලාගෙන ජන්කුක්ගේ කදුලු පිහි දැම්මා... "හ්-හ්‍යොන්ග් මට-මට"

"ශ්ශ්ශ්, ප්ලීස් රිලැක්ස් ලව්, දැන් කවුරුත් මෙහේ නෑ, රියා ජිමින් එක්ක ඉන්නේ, ඒ දෙන්නම එක්ක යුන්ගි ඉන්නවා, මම ඔයා ලගම ඉන්නවා, සෝ බය වෙන්න එපා ප්ලීස්"

"හ්-හන් ගැන ඔයා දන්නේ හ්-හ්‍යොන්ග්, එයා-එයා ඩ්-ඩේමන් එක්ක" ජන්කුක්ගේ තොල් වෙව්ලුවා... ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බලාගෙන හිටියා... "මම දන්නවා ලව්, හැමදේම දන්නවා, දැන් රිලැක්ස් වෙන්න, මම ඔයා ලග ඉන්නවා ඕකේ, දැන් ටිකක් නිදාගන්න" ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඇදේ ඇල කරා... "මම මෙතනම, මෙහෙම ඉන්නවා ඕකේ" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අත කිස් කරා... ජන්කුක් ඇස් වහලා ඇරියා...

"මට මහන්සි ටේ, මට කවදාවත් සාමාන්‍ය ජීවිතයක් තිබුනේ නෑ, මට කවදාවත් මම්, ඩෑඩ්, නූනා එක්ක එක ගෙදරක ඉන්න ලැබුනේ නෑ, ඩෑඩ්ගේ සල්ලි නිසා අපි හැමදාම ජීවත් වුනේ බයෙන්, මම දන්නේ නෑ ඩේමන් කොහොමද මගේ ඩෑඩ් එක්ක තරහක් ඇති කර ගත්තේ කියලා, පොඩි කාලේ ඉදන්ම මමයි, නූනයි තැනින් තැන ජීවත් වුනේ, මට-මට හරි මහන්සි හ්‍යොන්ග්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ අත පපුවට තද කරගෙන ඇඩුවා... "මට ඔයා නිසා මේ ලැබුන පවුල, සතුට නැති කරගන්න මම බයයි හ්‍යොන්ග්, පොරොන්දු වෙන්න, මෝඩ වැඩ කරලා මට ඔයාව නැති කරන්නේ නෑ කියලා" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ අත කිස් කරා...

my dandelion ||vkook||Where stories live. Discover now