🌈Chapter - 03✒️

263 51 22
                                    

පහුවදා උදේ ම ජියෝන් ට ආවෙ කොහෙත් ම බලාපොරොත්තු නොවුනු ඇමතුමක්. ඒ ජියොන් ගෙ ඩැඩා. ඇමතුමේ සදහන් නම දැකපු ජන්කුක් ඇමතුම නොසලකා හරිමින් දිගටම ring වෙන්න ඇරියා. ඩැඩත් අතාරින පාටක් නැ. දිගටම කෝල් ගන්නව.

"යාහ්. මොන මගුලක් ද "

අහං ඉදල බැරිම තැන ජියොන් කෝල් එක ආන්සවර් කලා.

"හෙලෝ කියන්න .

" ජන්කුකා... මට ටිකක් කතා කරන්න ඔනි."

"මං බිසී."

"යහ් මිනිහො මං උබෙ තාත්තා. මං කියන දේ අහපන්"

" මට උවමනාවක් නැ ඔයා කියන කිසි දෙයක් අහන්න"

"මේක හොදට අහගන්නව. ඔයා බිස්නස් එකට හව්ල් කරගන්න යන mr. Park ට අපෙ project එකට සම්බන්ධ වෙන්න දෙන්න බැ. තේරුනාද.?"

" මං ඔයාට කලිනුත් කියල තියෙනවා. මගෙ දේවල් වලට ඇගිලි ගහන්න එපා. මං කරන්නෙ මට ඕනි දෙ."

ඩැඩා ට තවත් වචනයක් වත් කතා කරන්න නොදුන් ජියොන් ෆෝන් එක ඕෆ් කලා.

"අශ්හ්... මේක මහ කරුමයක් උනානෙ"

ඩැඩා එක්ක තිබුනු තරහටම අනික් අතට ඊයෙ බිස්නස් කාට් එක දුන්නු ජිමින් ගෙ අංකයට ඇමතුමක් ගත්තු ජියෝන් තමන් ඔව්න්ගෙ යෝජනා වට එකග වන බව පැවසුවා.

හවසට ආයෙම seoul වලට යන්න ඕනි උනත් ආපහු යනවට වඩා මෙහේම නවතින්න ජියෝන්ට ඕනි උනා. ඒ තරම් හරිම නිස්කලංක පරිසරයක් තමා ජියොන්ට දැනුනෙ . කොහොමත් හොටෙල් එකේ වැඩ පටන් ගත්තම ආයෙම එන නිසා හිත හදාගත්තු ජියෝන් තමන් ගෙ ඇදුම් බෑග් එක පැක් කරන්න හනාට අණ කරල බීච් සයිඩ් එකේ ටිකක් ඇවිදින්න ගියා.

උදේ නිසා හුලං අතත් එක්ක ඇගට දැනෙන හීතල යි නිරාවරණ දෙපා වල ගැටෙන රැල්ලෙ පහසයි විදිමින් ඈත අහසයි මුහුදු තලයයි යාවෙන ඉසව්ව දිහා බලාන උන්නු ජියෝන් තමන්ගෙ පීඩාකාරී ජීවිතය මදකට පසෙකින් තියාල ඒ සුව දායී මොහොත හිතේ හැටියට විදගත්තා. සුලගේ හඩට ඇහුම් කන් දීගෙන ඇස් පියාන දෑත් දෙපසට විහිදෝපු ජියෝන්ට තමාගෙ සියලු බර සැහැල්ලු වෙන බව දැනුනා. ඇස් පියාන හිටපු ජියෝන් ගෙ ඇගේ කවුරුන් හෝ ඇවිත් හැප්පී වැටෙන්න යනවත් එක්කම ක්ශනික ව ඇස් ඇරපු ජියොන් ඒ කව්ද කියා බැලීමට වත් කාලයක් නොතියා තම රලු දෑතින් තමා දෙසට එම පුද්ගලයව ඇදගත්තා.

Love & Dream (completed)Where stories live. Discover now