🌈Chapter - 09✒️

197 39 26
                                    

පැයක් පමණ ගත වූ පසු ජියෝන් ඇමතුමක් ගත්තේ ජිමින් ට.

"හෙලෝ!"

"මිස්ටර් ජියෝන්! "

"ම්ම්ම්ම් බබා.. මොකෝ මේ . ඔහොම.?ඔතන කව්රු හරි ඉන්නව නේද ? "

" හ්ම්.ඔව්.. මං මේ ඒක ගැන අහන්න කෝල් එකක් ගන්න ගියේ.!"

" ආහ්.. ඒ කිව්වෙ?"

" මේ මනුස්සයෙක් එනව මගෙ පස්සෙන් ම. අහපුව ම කිව්වෙ ඔයා දාපු ගාඩ් කෙනෙක් කියල "

"ආහ්... ම්ම්..ඔව්. මං ඒක කියන්න තමා ගත්තෙ. "

"ඇයි මේ එකපාරට ?"

"ඒක ටිකක් දිග කතාවක් බබා. ඒ දේවල් වැඩක් නැ. ඔයා පරිස්සමෙන් ."

"මට නම් තේරෙන්නෑ ඔයා මේ කරන දේවල්. රෑ තිස්සෙ අතුරුදහන් වෙනවයි. ඒ මදිවට දැන් බොඩිගාඩ්ස්ලත් දාලා. "

"ම්ම්... හරි බබා ..අපි පස්සෙ කතා කරමුකො."

"ඕනි නැ.."

"අයියෝ ඇයි ඉතිං මේ??"

ජියෝන් දිහින් දිගටම ප්‍රශ්න කළත් ජිමින් පිළිතුරු නොදී ඇමතුම විසන්ධි කලේ බොරු අමනාපකමක් මවා ගනිමින්.

"අශ්හ්හ්........මේ මනුස්සයා නම්.. තේරුම් ගන්න හරි ම අමාරුයි.දැන් ඉතිං යාලුකරගන්නත් එපැයි."

හවස වෙනදාටත් වඩා කලින් ජියෝන් දම් පාටයි කහ පාටයි💜️💛 ටියුලිප් මල් වලින් පුරෝපු ලොකුම ලොකු ෆ්ලවර් බොකේ💐 එකකුත් අරං මේ යන්නෙ එයාගෙ හුරතල් කුමාරයව යාලු කරගන්න.

මේ තාරා පැටියා බොරු අමනාපකමක් මවාගත් බව ජියෝන් දැනං උන්නත් ඒ හුරතලේ ට ජියෝන් ආස කලා.

ආදරේ ඉස්සරහ බැට කාපු ජියෝන් ඒ ආදරේ කියන වචනෙට වෛර නොකර තවමත් ආදරේ කරන්නෙ මේ සුරදූතයා නිසයි.

ඉතිං මේ පුංචි සුරදූතයා එක්ක ඉන්න ඒ ආදරේ ම ඇරෙන්න වෙන හේතු මොකටද ?

ෆ්ලවර් ශොප් එකෙන් ජිමින් ගෙ හිත ගනී යැයි තමාට හැගුණු ටියුලිප් මල් කලඹ දෝතින් ම ගෙන තම පපුවට තුරුලු කරගත් ජියෝන් පාරෙන් එහා පස නවතා තිබූ තම වාහනය වෙතට යන්න ට සැරසුණා.

Love & Dream (completed)Where stories live. Discover now