🌈Chapter - 08✒️

223 41 12
                                    

බේස්ම්න්ට් එකේ රදවපු කලුපැහැ ආවරණයකින් මූණ ආවරණය කල ඇග හැමතැනන තැලුම් තුවාල වලින් නිල් වූ මනුස්සයෙක් ජියෝන් ඉදිරියේ බැගෑපත් වෙමින් සිටී.

"සුගා හියොන් කොහොමද මූව අල්ලගත්තෙ?"

"උබ දන්නවනෙ ජියෝන් මට කරන්න බැරි වැඩක් නැ කියල "

දින කීපයක් ම ජියෝන් ගැන ඔත්තු බලමින් සයිට් එක වටේ කැරකුනු මිනිහව සුගා පැය 24ක් යන්න ත් කලින් ම අල්ලගෙන තිබුනා. සුගාගෙන් හොදටම පහර කා සිටින මිනිහගෙ ඔලුවට දමා තිබූ ආවරණය ඉවත් කල ජියෝන් ට මිනිහව අදුරගන්න ඒ තරම් වෙලාවක් ගියේ නැ.

"යෝ...උබ ?"

"උබ මූව දන්නව ද ජියෝන් ?"

"අදුරන්නෙ නැ. ඒ උනාට මූ තමා එදා මට එවල තිබ්බ වීඩියෝ එකේ සනී එක්ක එකට හිටපු මිනිහා."

"වීඩියෝ එකක් ?"

"යාආහ්... මං හියොන්ට ඒක පස්සෙ කියන්නම්"

ජියෝන් තමා ඉදිරියේ කඹයකින් බැද දණගස්වා සිටින මිනිගගෙ හිස කෙස් වලින් තදින් අල්ලා ගත්තා.

"කියපං මට කාගෙ කීමට ද උබ මගෙ පස්සෙන් ආවෙ?"

"මිනිහා වචනයක් වත් එලියට දැම්මෙ නෑ බං ඔච්චර ගහලවත් , ඔහොම අහල නම් හරියන එකක් නැ. ඌ මහ ගල් ආදා"

සුගාගෙ කතාව අහපු ජියෝන් මිනිහගෙ කෙස් වැටිය අතෑරල එහා පසින් තබා තිබූ යකඩ පීරක් අතට ගෙන මිනිහගෙ අත්ල පොලොව මත තද කොට පීරේ තියුණු පැතිකඩටත් පොලොවටත් උගේ අත මැදිවන ලෙස රදවගත්තා.

" දැන් ඉතිං ඔය කට ඇරල මට උත්තර දීපං. කොහොම ත් උබට මෙතනින් පණ පිටින් යන්න වෙන්නැ. ඒ හින්දා බොරුවට දුක් විදින්න හදන්නැතුව උබට ක්ශනික මරණයක් ඕන නම් මට උත්තර දීපම්. "

ජියෝන් කෙතරම් තර්ජනය කලත් මිනිහා කට හොල්ලන පාටක් නැ.

"හරි උබ එහෙනම් එහෙමයි නෙ.."

මිනිහට හිතන්න වත් වෙලාවක් නොතියපු ජියෝන් යකඩ පීර උගෙ අත හරහා ගෙන ගියේ මිනිහා විලාප තියද්දී...

"කියපම්.. !"

"කියන්නම් .. මං කියන්නම්.. !"

Love & Dream (completed)Where stories live. Discover now