🌈Chapter - 06✒️

262 49 24
                                    

පසු දා උදෑසන ජියෝන් ට කලින් ම අවදි වූ ජිමින් තමාව දෑතින් ම බදාගෙන්  නිදා සිටින ජියෝන් දෙස බැලුවේ පෙර නොවූ ආදරයකුත් ඒ ඇස් වල රදවමින්.

තමාද පෙර දිනක මේ කඩවසම් තරුණයා මුලින්ම දුටු විට හද ගැස්ම වේගවත් නොවූවා ම නොවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


තමාද පෙර දිනක මේ කඩවසම් තරුණයා මුලින්ම දුටු විට හද ගැස්ම වේගවත් නොවූවා ම නොවේ. අත පුරා ගෙන ඇති ටැටූව දුටු පළමු මොහොතේ  මොහොතකට හිත ගැස්සී ගියේ ඒ සවිමත් දෑත් අතරට සිරවීමට පුංචි ආසාවක් ද හිතේ උපදවමින්.

නමුත් ජියෝන් යනු කවර ආකාරයේ අයෙක් ද යන්න හරියට ම නොදත් නිසා ජිමින් තරමක් තම හැගීම් වලින් පරෙස්සම් වුවත් එකට සිටීමට ගත් විට තම පාලනය තමාටත් නොදැනීම ගිලිහී ඇත් දෝ කියා ජිමින් ට හිතුනේ මේ තරම් ඉක්මනින් ජියෝන් තමාව ඔහු වෙතට ගත් නිසයි.

පළමු හමුවීමෙන් පසු ජියෝන් ගැන තරමක් දුරට සොයා බැලූ ජිමින් ට ජියෝන් ගේ කලින් සම්බන්ධය වූ සනී පිළිබදව ද දැනගන්න ට හැකි ව තිබු අතර එතරම් ලස්සන තරුණියක් සමග සබධකම් පැවැත්වූ මේ කඩවසම් පිරිමියා කිසි දිනෙකත් තවත් පිරිමියෙකු වූ තමන් සමග ආදරෙන් බැදෙයි කියල ජිමින් කීයට වත් හිතුවෙ නැ.

නමුත් පෙර දින රාත්‍රියේ තමන් ට පමණක් ඔහුගේ හැගීම් ඇවිස්සීම ට හැකි වූ බව ජියෝන් කියූ විට ජිමින් ගේ හිතේ තමන් ගැනම ආඩම්බරයක් ඇති නොවුනාම නොවෙ.

ජියෝන් ගේ වත පුරා දෙනෙත් යැවූ ජිමින් ඔහු ගේ තොල අගට වන්නට දමා තිබූ මව්ත් රින්ග් එක ට තම හුරුබුහුටි ඇගිල්ලක් ගෙන යද්දි ම ජියෝන් ඒ අත අල්ලා ගත් නිසා ජිමින් ගැස්සී යද්දී ජියෝන් මෘදු ව කතා කරන්නට විය.

"බබාහ්...!"

ජියෝන් ගේ හඩ පෙර දිනයන් ට වඩා ස්තිර ය. තමන් සමග කතා කරන විට පෙර දිනයන් හි දි ඔහුගේ හඩේ තිබූ නොසන් සුන් බව දැන් පහව ගොස් ඇත. ඔහු තමාට වඩාත් සමීප අයෙක් බව ජිමින් ට දැනෙන්නට විය.

Love & Dream (completed)Where stories live. Discover now