Chapter 4

155 29 8
                                    

adothya pov;

අද ඔම්ම හවස 4 ඉදන්ම කුස්සියෙ..ආච්චි අම්මල එනව කියල

ආච්චි අම්මල එනවට මගෙනම් අකමැත්තක් නෑ ඒත් මන් එයාට කොච්චර කැමති උනත් උන් මේක අස්සෙ රින්ගනවටනම් කැමති නෑ උන් ආපු වෙලේ ඉදන් කරන්නෙ මල්ලිගෙ ඔලුව කන එක

මොකද අපෙ තාත්තගෙ පැත්තෙ උන් හිතන් ඉන්නෙ අප්පච්චිගෙ මරනෙට වග කියන්න ඕනි අපේ අබී කියල..මොකද කොහෙවත් යන පකේ සාස්තර කාරයෙක් උන්ට කියල අප්පච්චිගෙ දෙවනි දරුවගෙන් අප්පච්චිට අපලයි කියල..උන්ට විකාර! යකෝ ඉපදිලා මාස පහක්වත් නෑ අපි දෙන්නට අප්පච්චි නැති වෙනකොට
ඌ ඒකට මොනා කරන්නද!එහෙනන් උන් මටත් සලකන්නෝනි මල්ලිට වගේනෙ විනාඩි දෙකක් පරක්කු වෙලා ඉපදුනා කියල මොකෝ අපලෙ මගේ උඩින් පැනල ආවද නෑනෙ!
අත්තම්ම විතරක් නෙවෙයි අම්ම පවා මලපැන්න වෙලාවට මල්ලිට ඕක කියල හින්ට් ගහල තියනව ඒත් පස්සෙ එයාම සමාව ගන්නව
ඌ පව්..ඒත් උට අනිත් උන් ගෙන් වැඩක් නෑ උට මන් ඉන්නවනෙ

"අයියෙ ඕයි මේ"

"ඕ කියහන් මොකෝ උබ කෙකර ගාන්නෙ "

ආදි ඇහුවෙ අබින්ස දිහා ශර්ලොක් හෝම්ස් බැල්ම දාන්..මොකද මේක කුටු කුටු ගාන්නෙ මොකාක් හරි යටිකූට්ටු වැඩකට කියල අවුරුදු 19ක අද්දැකීමෙන් කොල්ල දන්නව

"අපි මේකට මිරිස් ටිකක් වැඩිපුර දාමුද ඈ මොකෝ උබ කියන්නෙ හෙහ්" මන් හිතුව මූ එන්නෙ මොකක් හරි ගෝත වැඩකට තමා කියල...

"පිස්සුද උබට!නටන්නැතුව ඉදපන් පාඩුවෙ..විකාර නම් කරන්න එපා අබී ඈ මතකනෙ ගියපාර ආච්චිඅම්මගෙ ඇදට මකුලුවො දාල උබ ඒ මනුස්සයගෙ කොන්දත් කඩලනෙ නතරවුනේ"

ඇත්ත..මූ එක පාරක් ඒ (අ)මනුස්සයගෙ ඇදට මකුලුවො දාල බෙරිහන් දීල වයසත් අමතක වෙලා අත්තම්ම ඇදෙන් පැන්න පැනිල්ලක් ආයෙ නෑ හම්මා කොච්චර හොදට පැන්නද කියනවනම් මාස තුනක් හිටියෙ ඇදේ..අණ්ඩක් කඩන්🙂

උට බැන බැන ඉන්නකොටම ඇහුනෙ සාලෙ පැත්තෙන් කතාකරන සද්දයක්..බටකොල ආච්චි ඇවිත්ද කොහෙද

අපිට සාලෙට යන්න ඕනි නෑ වයසක අම්මන්ඩි කුස්සියටම පියබන් ඇවිත්

𝐡𝐞𝐥𝐥𝐨 𝐌.𝐑.𝐑𝐎𝐌𝐄𝐎!! (ᵗᵃᵉᵏᵒᵒᵏ & YIZHAN)Where stories live. Discover now