6

602 114 46
                                    

මම ඉන්නෙ කැලේ. තනියම නෙමෙයි ප්‍රභූ එක්ක. අනිත් එවුන්ගෙන් අපි කොයි වෙලේ කැඩුනද කියන්න මට මතක නෑ.
කොහොම වුනත් ඒකෙ ප්‍රශ්නයක් නෑ.

මට තියෙන එකම බය ප්‍රභූ. ඌට මේ අපා දුක් ගැලපෙන්නෙ නෑ. එහෙමයි කියලා කරන්න දේකුත් නෑ.  කැමති වුනා නැතා කියලා නෑ අපිට සංවිධානෙට බැඳෙන්නම වුනා.
ඒකට අපේ අකමැත්තක් තිබුනෙත් නෑ. අපේම කියලා රටක නිදහසේ හුස්මක් ගන්න කවුද අකමැති.

සිංහල එවුන් කවදාවත් අපිත් උන් වගේ කියලා හිතුවෙ නෑ. උන් කොළඹ සුර සැප විඳිද්දි අපිට කිසිම දෙයක් තිබුනෙ නෑ. ගොවිතැනක් කරගෙන ඒකත් සොච්චමට විකුණගෙන ජීවත් වෙන්න මිනිස්සු අපා දුක් වින්දා.

උන් සිංහල රටේ ප්‍රධාන බාසාව කරගෙන හැම මගුලක්ම ලේසියෙන් කරගද්දි දෙමලට තැනක් තිබුනෙ නෑ. ඊලඟට තිබුන ඉංග්‍රීසි ඉගෙන ගන්න අපිට ඉඩ දීලා තිබුනෙත් නෑ. ඉස්කෝලෙකට හරිහමන් ගුරුවරයෙක් නෑ. යාපනේට විතරයි පොඩි හරි දෙයක් ලැබුනා නම් ලැබුනෙ. ගම්වල ළමයි හැදුනෙම අයාලෙට වගේ.

අනික උන්ගෙ උන්ලු ඉස්සර ඉඳන්ම පොලීසියෙ වුනත් පිරිලා හිටියෙ. ඉතින් අපේ එවුන් වැරදි කලාද නොකලද නෑ. දෙමලෙක් නම් ඌ ඉපදෙද්දිම වැරදිකාරයෙක් විදියට හංවඩු ගැහිලා ඉවරයි. කොහේ ගියත් කොතනින්වත් අපිට පිහිටක් සරණක් තිබුනෙ නෑ.
එහෙව් එකේ අපි උන්ගෙන් ඈත් වෙලා වෙනම රටක් ඉල්ලන එක වැරදිද?

"තනූ!!!!
එහාට වෙයං යකෝ!!!"

මං ගැස්සුනේ ප්‍රභූගෙ සද්දෙට. හැබැයි හිතන්නවත් වෙලාවක් තිබුනෙ නෑ. මං බිමට පෙරලිලා ගියේ ප්‍රභූ මගේ ඇඟ උඩ ඉඳන් දිගට හරහට වෙඩි තියාගෙන යද්දි.
තුශ්නිම්භූත වෙලා ගිය මං තුවක්කුව අතට ගද්දි වෙඩි සද්දෙ නැවතිලත් ඉවරයි.

"උඹ මොන ලෝකෙද හු#තො ඉන්නෙ?
තව ටිකෙන් අරූ උඹට තියනවා"

ප්‍රභූ කියවන්නෙ දත් මිටි කකා, තාම මගෙ ඇඟ උඩ ඉඳන්.
එහෙම එච්චර ලඟට ඌව දකිද්දි මේ මරන මංචකේ අස්සෙ වුනත් මුළු ඇඟම කිති කැවිලා යනවා වගේ.
ඒ රෝස පාට තොල් තරහටම වෙවුලන හැටි.
ලොකු බෝල ඇස් කොන් රතු වෙලා දිලිසෙන හැටි.

හිරිපොද (Completed)Where stories live. Discover now