39

580 110 105
                                    

"පෑසර,
සරූ!
මගේ සුවඳ මල,
මට ජීවත් වෙන්න ආසයි.
ඉතින් මගේ ජීවිතේ තියෙන්නෙ ඔයාගෙ ලඟ.
මට ඔයාගෙම වෙන්න ඉඩ දෙනවද සරූ?"

මට එයාගෙන් අහන්න ඕනෙ කලත් ඒක කරගන්න බෑ. ආයෙම එදා නෙලුක්කුලම්වලදි වගේ මායාවකට අහුවෙලා මගේ කටහඬ ඈත් වෙලා ගිහින්.

මං පැහැසරව අත් දෙකෙන්ම බදාගෙන ඒ බෙල්ල අස්සෙ ඉඳන් ලොකුම ලොකු හුස්මක් ගත්තා.
සුවඳම සුවඳයි!
මගේ මගේ මගේම සරූ!
මං ආදරේම ආදරෙයි!!

කටින් නොකිව්වත් මගේ ආදරේ ඔයාට දැනෙනවා නේද සරූ?
ඒ නිසා නේද මට ලං වෙලා මෙහෙම ඉන්නෙ?
ඉතින් මාව දාලා කොහේවත්ම යන්නෙ නෑ නේද කවදාවත්?

හිත ඇතුලෙන් තොරතෝන්චියක් නැතුව මං එයත් එක්ක කතා කරද්දි කාමරේ පුරාම රැඳුනෙ අපි දෙන්නගෙ හුස්ම සද්දෙ විතරයි. වෙනදට පැහැසර ලඟදි පිස්සුවෙන් වගේ ගාල කඩාගෙන දුවන පපුවත් දැන් හරිම හෙමින් සැනසිමෙන් ගැහෙන්නෙ,
මට නිවෙන්න පුළුවන් හරිම හොඳම තැන හම්බවෙලා කියලා දැනගත්ත නිසාද කොහෙදෝ.

මං ඒ පපුවට තුරුල් වෙලා ඇස් පියාගනිද්දි සරූගෙ අත් මගේ ඇඟ පුරාම හෙමින් හෙමින් එහා මෙහා ගියේ නැලවිලි ගීයක තනුවක් වගේ.
ඒ තොල් මගේ ඔළුවට තද වෙනවා මට දැනෙනවා. ඒ නිකට මගේ ඉස්මුදුනට තද වෙලා මං එයාගෙම ඇඟේ කොටසක් වෙනකල් එයා මාව තුරුල් කරගන්නවා.
ජීවිතේ මෙච්චරම ලස්සන වෙන්න පුළුවන් කියලා මට කවදාවත්ම හිතිලා නෑ.

ඔයා මගේ ලඟට කොහෙන්ද ආවෙ සරූ?
දිව්‍ය ලෝකෙන් මං වෙනුවෙන්ම බිමට බැහැලා ආපු දේව දූතයෙක්ද ඔයා?
ආත්මෙම විනාස වෙලා ගිය නපුරු අළුගෝසුවෙක් ලඟට ඇවිත් ඒ අළු ගෝසුවව ඔයාගෙම ලෝකෙක රාජ කුමාරයෙක් කරගන්නවද ඔයා?

තුරුල් වෙලා ඉන්න ගමන්ම මං ඒ පපුව පුරාවටම හාදු තියන්න පටන්ගත්තා. නැත්තම් මේ ආදරේ දරා ගන්න බැරුව මගෙ පපුව පැලිලා ඉරි තලාගෙන යයි.
එහෙම වෙන්න දෙන්න බෑ සරූ!
මට ඕනෙ ඔයාගෙම වෙන්න!
අවුරුදු ගානක්, ආත්ම ගානක් නෙමෙයි, පටන් ගැන්මක්, අවසානයක් නැතුවම, කිසිම තැනකට, කිසිම කාලයකට යටත් නොවී සදාකාලිකවම ඔයාගෙම ඔයාගෙම විතරක් වෙන්න.

හිරිපොද (Completed)Where stories live. Discover now