27

528 117 32
                                    

"Are you ok darling?
ඉන්නකො මේ මිනිහව ගහලා පන්නන්න කියමු සිකියුරිටිට කතා කරලා.
කුඩුකාරයෙක්ද කොහෙදෝ.
බලන්නකො මූණෙ හැටි."

ඒ කෙල්ලො ටික මොන මොනවදෝ කියවනවා. ඒත් මට ඒවා වැඩක් නෑ. මගෙ පපුව පැලෙන්න වගේ.
ඇයි මං මේ තරම් මෝඩ වුනේ?
තනූශන් කවුද, මං කවුද?
එයා හැමදාමත් සිංහලයොන්ට වෛර කරනවා. මං හොස්පිට්ල් එකේ වැඩ කරන නිසා, දැන් මාව ටිකක් පුරුදු නිසා තරහක් නොපෙන්නා ඉන්නවා ඇති. මං ඒක වැරදියට තේරුම් ගත්තා.

"මේ අංකල්,
මෙන්න මේ මිනිහා හිතාමතාම ඇවිත් අපේ යාළුවගෙ ඇඟේ වැදිලා ඇඟ උඩට පෙරලුනා. ඒ ළමයගෙ ඇඳුමත් ඉරලා. කකුලත් මොකද්ද වෙලා.
කුඩු කාරයෙක්ද කොහෙද අංකල්.
එලියට ඇදලා දානවද?"

"ඔව් අංකල්,
මේ වගේ මිනිස්සු ඔයාලගෙ කම්පැනි එකේ නමටත් හොඳ නෑ.
පොලීසියට කෝල් කරන්න තියෙන්නෙ."

හැමතැනින්ම ඇහෙන්නෙ මහා කන්දොස්කිරියාවක් විතරයි. අනේ ඕනෙ එකක්. ඇත්තටම කවුරුහරි ඇවිත් මෙතනින් මාව උස්සගෙන ගිහින් එලියට විසි කරලා දානවා නම් මං කැමතියි. මට දැන් කිසිම දෙයක් ඕනෙ නෑ.

ඇයි මං මේ තරම්ම මෝඩ වුනේ?
තනූශන් හිතනවා ඇති මං මහ අසහනකාරයෙක් කියලා. ඒකගෙ තියෙන හිත හොඳකමට මගේ හිත රිද්දන්න අකමැති නිසා ඇඳ උඩින් තියන කෑම එකත් අරගෙන එන්නැති. එහෙම අරන් ඇවිත් ඒක වීසි නොකර වෙන මනුස්සයෙකුට කන්න දීපු එකත් ලොකු දෙයක් එකාතකට.
ඒ වුනාට මට හිනා වෙන්නත් ඇති කට්ටිය එකතු වෙලා. ඇත්තටම බැලුවොත් මං හැසිරුනේ අසහනෙන් වගේ තමයි. තනූශන් කවදාවත් කෑම ඕනෙ කිව්වෙත් නෑ. ඒ ගැන කිසිම දෙයක් කතා කලෙත් නෑ. මාත් එක්ක අපේ ගෙදර ගිය දවස් දෙකේ ඇරෙන්න මහ ලොකු යාළුමිත්‍රකමක් පෙන්නුවෙත් නෑ. මං තමයි මොකාද වගේ පිස්සුවෙන් උගේ පස්සෙ ගියේ.
ඉතින් මට අසහනේ තමයි!

"පුතා, පුතා නැගිටින්න.
මොකද්ද වුනේ?"

සිකියුරිටි අන්කල්ගෙ කටහඬ ඇහෙද්දි මං මේ ලෝකෙට ආවෙ. අන්කල් මාව දන්නවනෙ. අන්කලුත් දන්නවා ඇති මගේ මෝඩ වැඩ ගැන. විලි ලැජ්ජාවක් නැතුව තනූශන්ට වදයක් වෙවී පස්සෙ එන එකෙක් කියලා හිතනවද දන්නෑ.
මං අන්කල්ට මොකුත්ම නොකියා අමාරුවෙන් හිටගත්තා.
අර කෙල්ලගෙ විතරක් නෙමෙයි, මගෙත් කකුල මොකද්ද වෙලා.

හිරිපොද (Completed)Where stories live. Discover now