60

1.4K 125 179
                                    

මම ඈත ඉඳන් බලාගෙන හිටියෙ මගෙ සරූ ඇවිදින දිහා.
ඒ මූණෙ හිනාව පිරිලා.

ඔව්!
අද  එයාට ගොඩාක් සතුටු දවසක්!
මොකද අද එයාගෙ ආදරේ නීතියෙනුත් එයාගෙම වෙනවා.

හැබැයි ඇත්තටම ගත්තොත් නම් මේ වෙද්දිත් පැහැසර අභිනාශ්ගෙම වෙලා ඉවරයි.
ඒ වගේම අභිනාශුත් පැහැසරගෙම වෙලා ඉවරයි.
ඒ ආදර කතාව මරණෙන්වත් කඩා නොවැටෙන යෝධ ගහක් වගේ දළු දාගෙන වැඩිලා.

සරූගෙ ලස්සනම ලස්සන ආදරේ මතක් වෙද්දි මගේ ඇස් වලට කඳුළුත් උනාගෙන ආවා.
ඒක අදහගන්න බැරි තරම් ලස්සන හීනයක්.
වේලිලා ඉරි තැලිලා පුරන් වෙලා ගිය කාන්තාරයක් වුනත් ඒ ආදරේ ලඟ පණ ගහලා එනවා.
පොළව පලාගෙන ගිනිකඳු පුපුරවගෙන එන ලෝදිය ගංගාවක් වුනත් ඒ හිනාව ලඟ නිවිලා යනවා.
සීතලට ගල් ගැහිලා අයිස් වෙලා ගිය හිම කන්දක් වුනත් ඒ උණුහුම ලඟ දිය වෙලා යනවා.

ඔයාගෙ ඔය ලස්සන හිනාව හැමදාමත් ඔය විදියටම තියාගන්න මගෙ සරූ...
හැමදාමත් සතුටින් ඉන්න...
මගේ ජීවිතේ මට ලබන්න පුළුවන් ලොකුම සතුට ඒකයි.

හිත ඇතුලෙන් මුමුණන ගමන්ම මං ඒ මල් උයන මැදින්ම ඈතින් ඈතට ඇවිදගෙන ගියා.
අපේ අතීතය හදවත පුරා හොල්මන් කරද්දි ඇස් දෙකට නැගුන කඳුළු බින්දු කම්මුල් දිගේ ගලාගෙන ගියා.

ඔයාගෙ කොටියා හැමදාමත් ආදරෙයි සරූ!
ලබන ආත්මෙත්, ඊලඟ ආත්මෙත්, සංසාර පුරාවටමත් අද වගේම ආදරෙයි!



















































































































මං අතීත මතක අතරෙ තනි වුනා.

එදා කිරුබට සරූ ගැන බලන්න කියලා මං කෙලින්ම ගියේ අර පො#න මිනිහගෙ ගෙදරට. ඒ ගෙදරම තමයි මාත් නැවතිලා හිටියෙ. මගේ හැම වැඩක්ම මට කරගන්න වුනේ එහෙදි.
ඒක එච්චර ලේසි වුනේ නෑ.
සීසීටීවී කැමරා, වොයිස් රෙකෝඩර්ස් ගොඩාක් මැද්දෙ මගෙ දවස් ගෙවුනෙ.
උන්ට කොලේ වහලා ගේම ගහන්න මං එසේ මෙසේ කට්ටක් නෙමෙයි කෑවෙ.

ඒත් එදා මට හිත හිත ඉන්න වෙලාවක් තිබුනෙ නෑ.
මොකද ඉක්මනින්ම හැමදේම ඉවර කරන්න ඕනෙ.
හිතක් පපුවක් නැති පාහරයො වගේ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන මේ නරුමයො ඔක්කොම මේ ලෝකෙන් චුත කරවලාම දාන්න ඕනෙ.

හිරිපොද (Completed)Where stories live. Discover now