Welcome Home 💞

90 17 8
                                    

 Yeon: අප්පාහ්...

අප්පා මම දැක්කේ අවුරුදු ගානකට කලින්. අනිත් දුවලා වගේ මටත් අප්පාව දුවගෙන ගිහින් බදාගන්න තිබ්බනම්. අප්පා දිහා බලන ගමන් මගේ ඇස්වලට කදුළු ආවේ නොදැනීම...

Hae: Yeon අප්පා ඇවිල්ල. මම හිතන්නේ අපිව අදුරගන්න බෑ තාම අපි යන්....

ඔන්නි මාවත් එක්කන් ගියේ අප්පා ගාවට. ඈතින් දැක්කත් ලගට යනකොට අප්පගේ වෙනස්කම් මම ගොඩක් දැක්ක. එයා වයසට ගිහින්.අපිව දැක්ක ගමන් අප්පගේ මුණ සතුටින් පිරුනා. ඔන්නි වගේම මමත් හිනා වුණේ ඒ හිනාව අපි දෙන්නා කවදාවත් දැකලා නෑ වගේම අපි වෙනුවෙන් හිනා වෙලා නැති නිසා. මගේ හිතට දැනුනේ ලොකු සතුටක්....ඒත් එක්කම මට ඔම්ම ව මතක් වුණේ මගේ හිනාව වගේම සතුටත් අමතක කරලා... එයාත් අද හිටිය නම් කියන දේ හිත පෑරුව..

Appa: දුවලා පරිස්සමින් ආවා නේද

Hae: ඔව් අප්පා අපි හොදින්...

Appa: Yeon ලොකු වෙලා නේ...

Yeon: අහ්හ්... ඔ..ඔව් අප්පා...

Appa: හරි කාර් එකට නගින්න මහන්සිත් ඇතිනේ...

Hae: හරි අප්පා...

අප්පා කිව්වාට පස්සේ අපි කාර් එකට නැග්ගේ අපේ බෑග් බඩු හැමදෙයක්ම  බොඩිගාර්ඩ්ස්ල අරන් යනකොට.... අපි යන කාර් එක ඉස්සරහින් පොලිස් කාර් එකක් වගේම  බොඩිගාර්ඩ්ස්ල ඉන්න කාර් තුනක් ගියා. ඔන්නි ටයි මටයි මේ දේවල් අලුත් වුණේ චයිනා වල ඉදිද්දී මේ කිසිම පහසුකමක් වගේම ආරක්ෂාවක් නොතිබුණ නිසා... විනාඩි කීපයකට පස්සේ ආවේ ඩෝම් එකට පිටින් එදා වගේම අදත් ලස්සනට තිබ්බ. පොඩි පොඩි වෙනස්කම් තිබුනේ අලුත් විදිහට ඩෝම් එක හදලා තියන බව පෙන්නන්න... කොච්චර පිටින් ලස්සන වුණත් ඇතුලේ අපායක් කියලා ඔන්නි වගේම මාත් හොඳට ම දැනගෙන හිටියා... ඔන්නි මායි කාර් එකෙන් බැහැල ඩෝම් එකට යන්න හැරුණත් දැක්කේ හුරුපුරුදු රුවක්....

Yeon: අජුම්මා....

මට වැඩි වෙලාවක් ගියේ නෑ අදුරගන්න. මම දුවගෙන ගිහිල්ලා බදාගත්තේ මාවයි ඔන්නි වයි පොඩි කාලේ ආදරෙන් බලාගත්ත අජුම්ම ව....

Ajumma: කොහොමද Yeon මගේ පොඩි කෙල්ලගේ ලොකු...

Yeon: ලොකු වුනාට මම තාමත් අජුම්මගේ පොඩි Yeon බබා...

Ajumma: මම ඒක දන්නවා දුවේ.... Hae දුව ඔයාට කොහොමද

Hae: මාත් හොදින් ඉන්නවා අජුම්මා...

Appa: අජුම්ම එක්ක හුරතලේ ඉවරනම් යමු ද ඇතුලට

අප්පා හිනා වේවි කිව්වේ අජුම්මා එක්ක අපි එළියේ ඉදලා ම කියවන්න ගත්ත නිසා...

Ajumma: මේ Yeon ගෙ එක අනිත් එක Hae ගෙ. දුවලා වොෂ් එකක් දාගන්නකො මම එතකම් ඩිනර් රෙඩි කරන්නම්....

Hae: හරි අජුම්ම.  Yeon යන්න රූම් එකට ඔතන හිටියම හරියනවද...

Yeon: හරි ඔන්නි

ඔන්නි කියනවත් එක්කම මම බෑග් එකත් අරගෙන ගියේ රූම් එකට ඇතුලට මගේ රූම් එකට එහා පැත්තේ තියන රූම් එකට ඔන්නි ත් ගියේ මගේ දිහා බලාගෙන ම...

Hae: බඩු අස්කරගෙන වොෂ් එකක් දාගෙන එන්න... 

Yeon: හරි ඔන්නි

මම රූම් එකේ ඉදලා ම හයියෙන් කියලා ගියේ රූම් එකේ බඩු අස්කරන්න. මම ටික වෙලාවක් බඩු අස්කරලා ඇදෙන් වාඩි වුණේ ලොකු සුසුමක් හෙලන ගමන්. ආයෙත් ඒ පරණ ජීවිතේට පුරුදු වෙන්න ඕන කියන එකත් හිතේ තියාගෙන. මහන්සි නිසා ටික වෙලාවක් ඉදලා මං ගියේ වොෂ් එකක් දාගන්න.

(Ajumma:👵🏻)

Tok Tok💥(දොරට ගහන සද්දේ)

👵🏻: මම එන්නද yeon බබා...

 Yeon: එන්න අජුම්මා...

👵🏻: ඩිනර් රෙඩි බබා යන් කන්න....

 Yeon: හරි අජුම්මා මම එන්නම් අජුම්මා යන්න...

👵🏻: වැඩි වෙලා ගන්න එපා...

Yeon: හරි... 😊

අජුම්ම මට එන්න කියලා පහලට ගියා. මම ඒත් එක්කම වැඩිය පරක්කු නොවී ගියේ අප්පා ඊලගට මොනව කරයි ද කියලා බයෙන්...ඒත් මම යනකොට.....



------------------------------------------------------

තව එකක් ඉක්මනටම දෙන්නම්. 

Seoktharu🥀

Inconceivable LoveWhere stories live. Discover now